ආචාර්ය සිරිල් ගාමිණි පියතුමාට අද (22) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, අද උදෑසන 9.30ට සිරිල් ගාමිණි පියතුමන්ට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීන ලෙස දැනුම් දුන් බවය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිරිල් ගාමිණි පියතුමා දන්නා තොරතුරු ලබාදීම සඳහා මීට පෙර අවස්ථා දෙකකදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවනු ලැබූ බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිරිල් ගාමිණි පියතුමා විසින් සිදුකළ බව කියන ප්‍රකාශයකට අදාළව ජාතික බුද්ධි සේවයේ අධ්‍යක්ෂ, මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සිදුකළ පැමිණිල්ලකට අනුව අදාළ ප්‍රකාශය ලබාදීමට සිරිල් ගාමිණි පියතුමා මීට පෙරද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවනු ලැබීය.

මීට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා කියා සිටියේ ආණ්ඩුව සිරිල් ගාමිණී පියතුමාව මඩවන බවය.