පසුගිය දෙසැම්බර් පළමුවෙනිදා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේ දී කළ සම්පූර්ණ කතාව සාරාංශ කොට පලකිරීමකි..

විශේෂයෙන්ම අද දිනයේ කාන්තා ක්ෂේත්‍රයත් දූ දරුවන්ගේ ක්ෂේත්‍රයත් කේන්ද්‍රකරගෙන මගේ කතාව ඉදිරිපත් කරන්නට මං අදහස් කරනව. එක්තරා අවස්ථාවකදී මිෂෙල් ඔබාමා මැතිණිය ප්‍රකාශ කරනවා සිය රටේ කාන්තාවන්ගේ හැකියාව සිරකොට තබමින් සිය පුරවැසි ජනතාව අතරින් අඩකගේ දායකත්වය ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන්නේ නම් කිසිදු රටකට කිසිදිනක සැබෑ සමෘද්ධියක් අත්පත් කරගත නොහැක කියලා. ගැහැණු ළමුන් වෙත අධ්‍යාපනය ලබා දුන් කල්හි ඔවුන්ගේ රටවල් වඩ වඩාත් ශක්තිමත් හා සමෘද්ධිමත් බවට පත්වේ. අපේ රටේ බහුතරයක් අද කාන්තාවන් . දළ වශයෙන් කතා කරොත් විවිධ සංඛ්‍යා ලේඛනවලට අනුව 51.5% ක් කාන්තාවන්. බහුතරයක් කාන්තාවන් සිටින රටක කාන්තා සහ දරුවන්ගේ විෂය වෙනුවෙන් වෙනමම කැබිනට් අමාත්‍ය ධුරයක් නොතිබීම ගැන අපි බලවත් ලෙස කනගාටුවට පත් වෙනවා. රටක් හැටියට තවදුරටත් ඉදිරියට යන්නට උත්සාහ කරන ගමනේ කාන්තාවන්ගෙ වටිනාකමට සරිලන ආකාරයට අද අපේ රටේ රාජ්‍ය තන්ත්‍රය තුළ, රාජ්‍ය පාලනය තුළ, රාජ්‍ය සේවය තුළ නිසි තැන කාන්තාවට ලැබිලා තියෙනවාද කියන එක ප්‍රශ්නයක්.

විශේෂයෙන්ම කාන්තා පුරුෂ සමානාත්මතාවය දිහා බලනකොට gender equality දිහා බලනකොට මේ ශ්‍රේණිගත කරන්නට පටන් පටන් ගත්ත 2006 වසරේ 2006 වසරේ global gender gap report එක හරහා ශ්‍රී ලංකාවට ලැබුණ රටවල් 115 කින් දහතුන්වැනි ශ්‍රේණිගත ශ්‍රේණිගත කිරීම. ඒ කියන්නේ අපි ඉතාම ඉහළ මට්ටමක හිටියේ. ඔස්ට්‍රේලියාවට, කැනඩාවට, ස්ව්ස්ටර්ලන්තය ට, සිංගප්පූරුවේ ටත් වඩා ඉහළ මට්ටමක හිටියේ. හැබැයි නවීනතම සංගණනයේදී අපි රටවල් 153 ක් අතරින් එකසිය දෙවන ස්ථානයට පහළ වැටිලා තියෙනවා. 2019 – 2020 ශ්‍රේණිගත කිරීම, ඒ කියන්නේ ස්ථාන 89 එකෙන් අපි පහළ වැටිලා තියෙනවා. මම මේ කාන්තා විෂය භාර අමාත්‍යවරයා කවුද කියා දන්නේ නෑ. ඒත් ඔහුගේ හෝ ඇයගේ අවබෝධය උදෙසා මම මේ gender gap report මේක හැන්සාඩ් ගත කරනවා. ඒ වගේම සභාගත කරනවා. කාන්තා විෂය කැබිනට් ධුරයේ සිට රාජ්‍ය අමාත්‍ය ධුරයකට පහත හෙලන්නට මේ රජය කටයුතු කිරීම ඉතාමත් කණගාටුදායකයි.

ආර්ථිකය දිහා බැලුවමත් ඒ ආර්ථික දර්ශක අතින් දකුණු ආසියාතික රටවල් වලට වඩා ඉදිරියෙන් සිටියත්, කාන්තා සහභාගීත්වය ඉතාමත් අඩු තත්වයක තිබුනේ. අභියෝගාත්මක ප්‍රශ්නයක් ජනතා සහභාගිත්වය රැකියා වෙළඳපලේ ශ්‍රම බලකායේ සියයට තිහක් – 35ත් අතර අඩු ප්‍රමාණයක් තියෙන්නේ. අපේ රටේ කාන්තාවන්ට ගුණාත්මක භාවයෙන් ඉහළ රැකියා ලැබෙන්නේ නැහැ. ලැබෙන වැටුප ඉතාමත්ම පහළ එකක්.

. අප රටේ කාන්තාවන් බහුතරයක් ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලට හසු වෙලා. තමාගේ ජන ජීවිතය ඉතාමත් පහළ තත්ත්වයකට වැටිලා. මේ ක්ෂුද්‍ර මූල්‍ය ණය මර උගුලේ පැටලුණු කාන්තාවන්ගේ සුභසිද්ධිය උදෙසා මේ රජය ඉතාමත් ඉක්මනින් පියවරක් ගත යුතුයි කියන එක අපේ අදහසයි. කාන්තාව මුහුණ දෙන ප්‍රශ්න වලදී විශේෂයෙන් කාන්තා පරපුරටත්, විශේෂයෙන්ම දරු පරපුරටත් ඉලක්ක කරගෙන මේ covid-19 සමයේ විවිධ සහන ක්‍රියාදාමයන් ක්‍රියාත්මක කරන්නට ඕනේ. ඒ වගේම රැකියා ක්ෂේත්‍රයේ ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය ඉවත් කරන්නට ඕනි. රැකියාවල නිරත වී සිටින කාන්තාවන් සහ ගෘහ සේවය කාන්තාවන් ඇතුලූ අවිධිමත් අංශයේ කාන්තාවන්ට රක්ෂණ ක්‍රමයක් හැකිනම් දායක රක්ෂණ ක්‍රමයක් හෝ ලබා දෙන්නට කටයුතු කරන්නට ඕනේ. සංක්‍රමණික කාන්තාවන් සඳහා නව විශ්‍රාම වැටුපක් ලබා දෙන්න ඕනේ. ඇගලුම් කර්මාන්තයේ නියත කාන්තාවන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් පවතින ආර්ථික දුෂ්කරතාවය තුළ දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් දියත් කිරීම යෝග්‍යයි.

ප්‍රාදේශීය මට්ටමෙන් මධ්‍යස්ථාන ආරම්භ කරල හිංසනයට ප්‍රචණ්ඩත්වයට ලක්වන කාන්තාවන්ට ඒ දූ දරුවන්ට ඒ ලබාදිය යුතු උපරිම රැකවරණය ලබාදීමට අපි කටයුතු කරන්න ඕන. කාන්තා මූලික ගෘහ දහස් ගණනක් තිබෙනවා. මේ කාන්තා මූලික ගෘහ ඒකක වලට විශේෂිත වූ සංවර්ධන වැඩසටහන් ඉලක්කගතව ක්‍රියාත්මක කරන්නට ඕනේ

කාන්තා ක්ෂේත්‍රයට ම අදාළ ළදරු ක්ෂේත්‍රයගැනත් මම වචන කිහිපයක් කථා කරන්නට බලාපොරොත්තු වෙනවා. අප ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ඉතිහාසයේ තුළ ගමන තුළ විශේෂයෙන්ම දූ දරුවන්ගේ සෞඛ්‍ය දිහා බලනකොට අපි ඇත්තටම සාර්ථක ඉලක්ක කරා ගිහින් තියෙනවා. ඒක තමයි නිවැරැදි කතාව. මන්ද පෝෂණ දර්ශක දිහා බලනකොට අපි තවමත් එක්තැන හිර වුණු ස්වභාවයක් තිබෙනවා. 1978 වසරේ දී වයස අවුරුදු පහට අඩු දරුවන් අතර 50% ක අගයක් තිබුණා මිටි වීම. වයසට සරිලන උස 2016 වසර වන විට ඒ මන්දපෝෂණ තත්ත්වය සියයට 17% දක්වා අඩුවෙලා තියෙනවා. ඒක සතුටට කරුණක්. එතැන් පටන් මේ අනුපාතය දළ වශයෙන් 5% – 19%ත් අතර දෝලනය වන තත්වයක් තිබුණත් ඒ නිසා ඒ පිළිබඳව අපි ඉක්මන් පියවර ගන්න ඕනේ

. මේ රටේ බොහෝ පාසල්වල දැන් ආපහු පටන් අරන්ලු . දරුවන්ගෙන් පහසුකම් සහ සේවා ගාස්තු ලබාගන්නවා . හැබැයි පාසලක් උපදෙස් දෙනවා නම් දෙමව්පියන්ට දූ දරුවන්ට කරුණාකරලා සේවා හා පහසුකම් ගාස්තු එක්ක පාසලට එන්න කියලා ඒක සී. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නන්ගර ශ්‍රීමතාණන් ගෙන් නිදහස් නිවහල් නොමිලේ අධ්‍යාපන සංකල්පයට අනුකූල නෑ. මං ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා කරුණාකර වහම චක්‍රලේඛයක් නිකුත් කරන්න ඔය පහසුකම් හා සේවා ගාස්තු කිරීම අද දවසේ සිට තහනම් ක්‍රියාවක් බවට පත් කරන්න. මං හිතන්නේ ඔබතුමා අධ්‍යාපන ඇමැතිවරයා හැටියට ඉතිහාස ගත වෙනවා ඒක කරොත්.

මලාලා යුසුප්සායි දැරිය නොබෙල් ත්‍යාගලාභීනියක්. එතුමියගේ ප්‍රකාශයක් ඔබට සිහිකරමින් මා නිහඬ වෙනවා අප සියලු දෙනා අතරින් අඩක් වූ පිරිසක් යටපත් කොට පවතින තැනක අප කිසිවෙකුට හෝ සාර්ථකත්වයක් අත්පත් කර ගත නොහැක. ගැහැණිය, පිරිමියා සමගින් කරට කාර දායකත්වයක් ලබා දෙන්නම් වෙනත් කිසිදු අරගලයක් වෙලා කිසිදු සාර්ථකත්වයට පත් කරගත නොහැක. කඩුව හා පෑන වශයෙන් ලෝකයේ බලවේගයන් දෙකක් පවතී. මේ බලවේගයන් දෙකටම වඩා සවිමත් වූ තුන්වන බලවේගයක් ද පවතිනවා . ඒ, කාන්තා බලවේගයයි.