ක්‍රිකට් පාලක මණ්ඩලයේ සාමාජිකයන් ලංකා බැංකුවේ නිදහස් චතුරස්‍රයේ ඇති ගිණුමෙන් ඩොලර් මිලියන 2ක මුදලක් ලබා ගැනීමට උත්සාහ කරන බවට ක්‍රීඩා ඇමතිවරයා අද පාර්ලිමේන්තුවේ දී අනාවරණය කල අවස්ථාවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ පක්ෂ භේද කුමක් වුවත් හැකියාවක් ඇත්නම් ජනාධිපතිවරයා හා සාකච්ඡා මෙම ගනුදෙණු සියල්ල තාවකාලිකව අත්හිටුවන ලෙස යි.

මෙය නීති ගැන හිතන්න වෙලාවක් නොවන බවත් මෙය ශ්‍රී ලංකාවේ ක්‍රිකට්වල මුදල් මෙන්ම රටට ලැබුණු මුදල් බැවින් ජනාධිපතිවරයාට කතා කර එම කටයුතු අත්හිටුවන ලෙසත් මෙය බරපතල සිදුවීමක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේ ම ක්‍රිකට් පාලක මණ්ඩලය මෙවැනි ක්‍රියා සිදු කරන්නේ කාගේ බලය මත ද කියා සොයා බලන ලෙසත් මෙය බරපතල ගැටලුවක් බවත් මෙවැනි ජරා වැඩ සිදු කිරිමට ඉඩ නොදෙන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම රොෂාන් රනසිංහ ඇමතිතුමා ක්‍රීඩා ඇමතිධුරයේ දිගටම තැබිය යුතු බවත් එය යෝජනාවක් ලෙස ඉදිරිපත් කර තමාම සම්මත කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.