ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ගොනුකල පෙත්සම අද (22) දෙවන දිනටත් අභියාචනාධිකරණයේ කැදවනු ලැබීය.
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ක්‍රිකට් පරිපාලනයට පත් කළ අතුරු පාලක කමිටුවට එරෙහි පෙත්සම් විභාගය හෙටට (23දා) තෙක් කල්තැබීමට අභියාචනාධිකරණය අද (21දා) නියෝග කළා.
ඒ මෙම පෙත්සම් විභාගය අද අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා සහ ඩී. එන්. සමරකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලූ අවස්ථාවේදීය.
එදින තෙක් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා බවට අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා අභියාචනාධිකරණයට දන්වා සිටියා.
මේ අතර හෙට දිනයේ බොහෝදුරට මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරනු ඇතැයි වාර්තා වනවා.
කෙසේ වෙතත් මෙම නඩු විභාගයෙන් මේ වන විට විනිසුරුවරු තුන් දෙනෙකු ඉවත් වී තිබීම සුවිශේෂිය.
ඒ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, ධම්මික ගනේපොල සහ නීල් ඉද්දවෙල යන මහත්වරුන්ය.