ආණ්ඩුව විසින් මීලග පාර්ලිමේන්තු දිනයේදී ගෙන ඒමට නියමිත මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත (Online Safety Bill) හරහා  ඉදිරියේදී එන මැතිවරණ වකවානුවේ Facebook, You tube ආධී සමාජ මාධ්‍ය මර්ධනය කිරීමට සුදානම් වන බව ආචර්ය හර්ෂ ද සිල්වා මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

මෙම පනත ආණ්ඩුව විසින් 23,24 යන දිනයන්හීදී විවාදයට බඳුන් කර සම්මත කරගැනීමට කටයුතු කල හොත් සතියක් තුල මෙය පරාජය කරන බවට තරුණ තරුනියන්ට සහතික වෙමින් හර්ෂ ද සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියේ ඉදිරියේදී බිහිවන නව ආණ්ඩුව තුලින් සිදුකරන ආර්ථික වෙනස්කම් සඳහා මෙම මාර්ගගත ක්‍රම ඉතාමත් වැදගත් වන බවයි.

“අපි රජයට කියනවා කරුණාකරලා මේක ගේන්න එපා, අපි දන්නවා ජනාධිපති රට ගිහින් ඉන්නේ කියලා කරුණාකරලා ටෙලිෆෝන් එකෙන් කාරී කතා කරලා මේක Postponed කරන්න…….”