පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීණී ගීතා කුමාරසිංහ මහත්මිය පසුගියදා පාර්ලිමේන්තුවේ දී පවසා සිටියේ තම නිවසට සමගි ජන බලවේගයෙන් මැරයන් එවන බවයි එයට පිළිතුරු ලබා දෙමින් එම නිවසට ගිය සමගි තරුණ බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කණිෂ්ක ලැනරෝල් මහතා කියා සිටින්නේ තමන් මැරයෙක් නොවන බවත් එම නිවසට ගියේ මුදල් ලබා දී ඉන්ධන මිල දී ගැනිමට බවයි .

තව දුරටත් කියා සිටින්නේ ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරිය වසරකට පමණ ඉන්ධන ගබඩා කරගෙන ඇති බව පසුගියදා පැවසූ නිසා එහෙයින් මුදල් ලබා දී ඉන්ධන ලබා ගැනිමට එම නිවසට ගිය බවත් එහෙත් එම අවස්ථාවේ දී ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරිය මහජන දිනයා දා නිවසේ නොසිටිය බවත් එම නිසා ගේට්ටුව අසලට පමණක් ගොස් නැවත එම ස්ථානයෙන් පිටවු බව ද, දේපලකට හෝ කිසිම දෙයකට හානියක් නොවන අයුරින් කටයුතු කළ බව ද, කියා සිටියේය .

ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරිය පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් කිහිපයක් සදහන් කරමින් අවශ්‍ය නම් ඒ අයට ඉන්ධන ලබා දිය හැකි බවයි . කණිෂ්ක ලැනරෝල් මහතා විමසා සිටින්නේ ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරිය ඉන්ධන ලබා දෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් විතරක් ද, යන්නයි .

කණිෂ්ක ලැනරෝල් මහතා තව දුරටත් කියා සිටින්නේ තාමත් මැරයෙක් නොවන බවත් දුක් විදින ජනතාවට තමත් නායකත්වය ලබා දෙන බවත් බොරු චෝදනා එල්ල කරමින් තම හඩ නිහඬ කළ නොහැකි බව ද, ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරියට පිළිතුරු වශයෙන් කියා සිටියේය .

සටහන – CJ