අන්ධකාරය තුළ රිදී රේඛාවක් නිර්මාණය කළ රටවල් ඇති බවත් ඔබාමා ජනාධිපතිවරයා සිතුවා සේ ‘ඔව් අපිට පුළුවන් ‘ යැයි අපිත් සිතිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
කළු ජාතික පුද්ගලයෙක් ඇමෙරිකාවේ ජනාධිපති වෙයි කියා කවුරුත් නොසිතුවත් ඔබාමා ජනාධිපතිවරයා එය කළ බවත් අපිත් රටක් ලෙස සුහුරු වී සුහුරු ජාතික වැඩපිළිවෙළක් නිර්මාණය කල යුතු බවත් සුහුරු අධ්‍යාපනය පමණක් නොව සුහුරු සෞඛ්‍ය, සුුහුරු කෘෂිකර්මාන්තය, සුහුරු ධීවර කර්මාන්තය වැනි දැ නිර්මාණය කළ යුතු බවත් පැකිලීමකින් තොරව අතීතයෙන් පාඩම් ඉගෙන ගෙන අතීතය ගැන සිත සිතා ලත නොවී වර්තමානය සහ අනාගතය ගැන සිතා රට ගොඩ ගැනීමට කටයුතු කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කොළඹ 9 බොරැල්ල තිබිරිගස්යාය වේළුවන විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 372 වැනි අදියර යටතේ රුපියල් 1,177,000ක් සුහුරු පන්ති කාමර උපකරණ සහ ශබ්දකෝෂ රැසක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී පාසල් සංවර්ධන ගිණුමට රු. ලක්ෂයක මුදලක් පරිත්‍යාග කළේය. එසේම මීටර් 400 සඳහා ඔලිම්පික් තරගාවලියට සහභාගී වීමට සුදුසුකම් ලැබූ ත්‍රීකුණාමලයේ එස්.පී. අරුණ දර්ශනට රුපියල් ලක්ෂ 5 මුදලක් ද පරිත්‍යාග කළේය.
රටේ පාසල් තුළ Education Hub එකක් නිර්මාණය කිරීමට අවශ්‍ය මුදල් ගැටලු ඇති නමුත් ඒ සදහා පරණ ක්‍රම අනුගමනය නොකර නවීන ක්‍රම හරහා එය සිදුකළ යුතු බවත් රජයේ මුදල්වලට පරිබාහිරව වෙනත් ක්‍රමවේද යොදාගත හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ප්‍රකාර කොටුපවුරු බැද අපි අපිටම ජය වේවා කියන යුගය නතර කර අපනයනය, අධ්‍යාපනය, සුුහුරු ශ්‍රම බලකාය නිසා ලෝකයම අපිට ජය වේවා කියන යුගය ඇති කළ යුතු බවත් ලෝකයත් සමග තරග කර අප දිනිය යුතු බවත් වෙළෙඳ, ව්‍යාපාර, දේශපාලන ආදී ගනුදෙනු හරහා ජයග්‍රහණය ලබා ගත යුතු බවත් ඒ සඳහා ක්‍රමෝපායික දැනුමක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එසේම සක්වල හා හුස්ම යනු ක්රමයේ වෙනසක් බවත් පවතින ක්‍රමය තුළ වැඩක් කරන්න තනතුරු හා බලය අවශ්‍ය වුවත් සමගි ජන බලවේගය සතුව නිර්මාණයශිලීත්වය පිරිසුදුභවය ඇති බවත් ඒ නිසා මේ වන විට බිලියන 1කට වැඩි මුදලක් වැය කර රටට අගයක් එකතු කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
තවද හැමෝටම පේන්නේ අන්ධකාරය වුවත් අපේම ශක්තියෙන් රිදී රේඛාවක් නිර්මාණය කර අපේම ජාතික ගමනක් යා යුතු බවත් සියලු දෙනා අත්වැල් බැදගෙන උනන්දු වී කඩිසර වී කැපකිරීම කිරීමෙන් ජයග්‍රාහී ඉලක්ක කරා යා හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 63කට රුපියල් ලක්ෂ 1906ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 89ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 89ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4342ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 372ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4145ක් වැය කර තිබේ.