එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මේ රටේ සාගින්නේ තත්වය පිලිබඳ ලෝකයටම දැනුම් දී තිබෙන බව ඊයේ (29) විපක්ෂනායක කාර්යාලයේ පවතී මාධ්‍ය හමුවේදී රාජිත සේනාරත්න මහතා පැවසීය

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මේ රටේ සාගින්නේ තත්වය පිලිබඳ ලෝකයටම දැනුවත් කරලා එහිදී ආයාචනයක් කර තියෙනවා අපේ රටට ආධාර කරන්න කියලා. එම සංවිධානයේ වාර්තාවේ වැදගත් කරුණු රාශියක් තියෙනවා එය මෙරට ජනගහනයෙන් 22%ට ආහාර ලබා ගැනීමට ආධාර අවශ්‍ය වන අතර 86% ආහාර ගැනීම අඩු කිරීම හෝ මග හැරීම සිදු කරන බවයි . යුනිසෙෆ් ආයතනය කිව්වා පවුල් 10කින් 7ක් කන්නේ නැති බවත් ලක්ෂ 17ක පිරිස වඩාත් අවදානම් කාණ්ඩයක පසුවන බැවින් මෙරට මානුෂීය ආධාර අවශ්‍ය ජනගහනය ලක්ෂ 57ක් බවත් ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා තිබෙනවා එයට ඉක්මනින් ආහාර අවශ්‍ය බවත් දැන් දැන් ම පියවර ගත්තේ නැති උනොත් මේ රටේ බොහෝ පවුල් වලට සිය මූලික ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වන බවත් සදහන් . කලක් ශක්තිමත්ව පැවති ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා පද්ධතිය දැන් අනතුරේ ඇති බවත් දැනුම් දෙනවා 2018දී ලෝකයේම තිබුණ හොඳම සෞඛ්‍ය සේවාවෙන් එකක් තමයි ශ්‍රී ලංකාවේ තිබුණේ එවැනි සෞඛ්‍ය සේවයක් තමයි අද විනාශ කරලා තියෙන්නේ.

2021 හා 2022 මහ කන්නයේ වී අස්වැන්න 50%ක් දක්වා අඩුවී ඇතැයි මැයි මස අවසන් වන විට අත්‍යවශ්‍ය ඖෂධ 200ක තොග අවසන් වන බවත් ඉදිරි මාස තුන තවත් ඖෂධ 163ක තොග අවසන් වන බවත් අත්‍යවශ්‍ය ශල්‍යකර්ම උපකරණ 2724 සහ රසායනාගාර ද්‍රව්‍ය 250ක් වෙනවා. අපේ රජය කාලයේ සියලුම රසායනාගාර පරීක්ෂණ රජයේ රෝහල්වලින් කලා එහිදී මම තහනම් කළා රුධිර සාම්පල හෝ වෙනත් සාම්පල ඉස්පිරිතාලේ ඉඳලා එළියට ගෙන යෑමට ලංකාවේ අපි මිලියන දෙදහස් හයසියයක් වියදම් කරලා හැම රසායනාගාර රෝහලකටම ඔටෝ analizer ගෙනල්ලා දුන්නා ඒකෙන් තප්පර තිහකට රුධිර පරීක්ෂණ වාර්තා දාහතරක් නිකුත් කළා ඒ නිසා කාටවත් කියන්න බැරි වුණා දැන් ප්‍රමාණය වැඩි කරන්න බැහැ කියලා අද ඒවගේ රසායනාගාර ද්‍රව්‍ය 250ක් නැහැ මොන උපකරණය දුන්නත් වැඩක් නෑ පරීක්ෂණ පවත්වන්න බෑ ඒව සියල්ල ජනතාවට සල්ලි වලට කරගන්නවා.

මුහුණු පොතේ තියෙනවා කම්පාවෙන පුවතක් එය කිමෝ තෙරපි රෝගීන්ට අවශ්‍ය බෙහෙත් නෑ මහරගම පිලිකා රෝහලේ බෙහෙත් නැතුව රෝගීන් මැරෙනවා මේ වෙලාවේ කිමෝ තෙරපි සහ තවත් අත්‍යවශ්‍ය ඖෂධ කිහිපයක් නැහැ පිටරට ඉන්න කෙනෙක්ගෙන් උදව් ඕන නමුත් සල්ලි එකතු කරන්නේ නැහැ එයාලට ඒක ගෙනත් දෙන්න කියන්නේ නැත්නම් මේ ඔක්කොම මැරිලා යනවා ඒකයි අද තත්වය. රිජ්වේ ආර්යා ලමා රෝහලේ ඖෂධ නැහැ එය ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරල තියෙනවා අද සෞඛ්‍ය තත්ත්වය මේකයි මේවා අපි ඉදිරිපත් කරාම හිටපු සෞඛ්‍ය ඇමති කියනවා නෑ එහෙම තත්ත්වයක් නැහැ කියලා ඒ විතරක් නෙමේ මම කිව්ව පහුගිය කාල සර්ප විෂට බෙහෙත් නැහැ ලංකාවෙම පුද්ගලික අංශයේ වත් නැහැ කියලා කවුරුහරි සර්පයෙක් දෂ්ට කලොත් ඒකාන්ත වශයෙන්ම මිය යනවා . ජලභීතිකා රෝගය බෙහෙතක් නැහැ එවැනි රෝගින් ඒකාන්තයෙන්ම මැරෙනවා නමුත් ඇමති කියනවා බෙහෙත් තියෙනවා කියලා අවසානයේ අනුරාධපුරයේ එයාගෙම රෝහලේ සර්පයෙක් කාලා ගෙනා දරුවා ප්‍රතිවිෂ නැතිව මිය ගිහිල්ලා එම දරුවාගේ පියා කියනවා මමත් දරුවත් එක ඩොලරයක් වත් හොරකම් කළේ නැහැ නමුත් බෙහෙත් නැතුව දරුවා මිය ගියා කියලා.

අද අපේ රටේ තරුණ ළමයි බොහෝ අය ධ්‍යාපනය අතින් ඈත් වෙලා උසස් අධ්‍යාපනය ආණ්ඩුවට ලබා දෙන්න බැරි වෙලා එය පුද්ගලික අංශයට ලබා දීමටත් විරුද්ධයි ආණ්ඩුවටත් බැහැ මේ නිසා අපේ රටේ ඩොලර් බිලියන දෙකක් අවුරුද්දකට ලංකාවෙන් නැති වෙලා යනවා විදේශ අධ්‍යාපනය ලබා ගන්න. අද ඒ දරුවන්ට මොකද වෙලා තියෙන්නේ විශ්වවිද්‍යාලයට අවශ්‍ය මුදල් හොයා ගන්න විදියක් නැහැ. අද ලංකාවේ දරුවෝ දුක්විඳිනවා තමන්ගේ අධ්‍යාපනය හදාගන්න බැරුව එය මේ කාලකන්නි රජයේ දේශපාලන වැඩපිළිවෙළ නිසා.

අද රාජ්‍ය සේවකයින්ගේ තත්ත්වය ගැන කතා කල යුතුයි . ආණ්ඩුව කයිවාරු ගැහුවා අපිට තමයි හොඳම රාජ සේවයක් තියෙන්නෙ කියලා රස්සා දුන්න කියල තමයි ආණ්ඩුව ප්‍රගතිය වාර්ථා කළේ. දැන් ආණ්ඩුව රාජ්‍ය සේවකයින් දොට්ට දාන්න හදනවා ඒ වෙනුවෙන් චක්‍රලේඛ නිකුත් කරලා වන්දි ලබාදී ඉවත් කරන්න එ වගේම පිටරට යන්න කැමතිනම් ඒ අවශ්‍ය සියලු නිවාඩුත් ලබා දෙනවා රාජ්‍ය සේවා බුද්ධිගලනයට ආණ්ඩු උදව් කරනවා.රාජ්‍ය සේවය කඩා වැටෙනවා කියන්නේ මිනිසුන්ගේ එදිනෙදා ප්‍රශ්න කිසි දෙයක් විසඳෙන්නේ නැහැ කියන එක .

69 වෙනුවට 74 ගැන කියන අය ගැන සමාජ මාධ්‍යයේ ලියලා තිබෙනවා . පාන් ගෙඩියක් 50 ට තිබුනේ මීට අවුරුදු 74 ක ට කලින් නෙමෙයි 2019 යේ බව, ගෑස් සිලින්ඩරයක් 1350 ට තිබුණේ මීට අවුරුදු 74 කට කලින් නෙමෙයි 2019 යේ, සිමෙන්ති කොට්ටය 850 ට තිබුනේ අවුරුදු 74 ක ට කලින් නෙමෙයි 2019යේ, ඩීසල් ලීටර්ය 120 කට අඩුවෙන් තිබුනේ අවුරුදු 74 ක ට කලින් නෙමෙයි 2019 යේ ප්‍රට්‍රල් ලීටරය 140 ට අඩුවෙන් තිබුණේ මීට අවුරුදු 74 ක ට කලින් නෙමෙයි 2019යේ, අවම බස් ගාස්තුව රුපියල් 12ට තිබුණේ වුරුදු 74 ක ට කලින් නෙමෙයි 2019යේ ත්‍රීවිල් පළමු කිලෝමීටර් රු.50 ට ගියේ අවුරුදු 74 ක ට කලින් නෙමේයි 2019යේ කිරි පැකට් එක අඩුවට තිබුනේ 74ට කලින් නෙමෙයි 2019 එහිදී මේ අවුරුදු 74 ක ප්‍රශ්නයක් නෙමෙයි මේ තියෙන්නේ 69ලක්ෂයක ප්‍රශ්නයක් ඒ නිසා මතක තියාගන්න අපේ ආණ්ඩුව අපි භාර දෙන කොට 2014 රාජපක්ෂලා කාලෙ තිබුණු බඩු මිලටත් වඩා අඩුවෙන්. ඒ හා සමාන මිලකට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දුන්නා ඉන්ධන ගෑස් වැනි සියල්ල හුඟක් අඩුවට දුන්නා මේ විදිහට තමයි අපි කටයුතු කළේ. මේ වෙලා තියෙන දේ මුහුණු පොතේ තියෙන්නෙ කොළ මඩින යන්ත්‍රය තෙල් නැතුව නැවතුනා සෙඩ් එකේ පෝලිමේ මාත් බෝඩිං වුනා පෙෂර් පෙත්තක් නැතිව රෑ දෙකක් ගත වුනා මට මතක එච්චරයි පපුව මැද හිර උනා රෝහලේ කරන්ට් නෑ යන්ත්‍රය නැවතිලා දොස්තරත් තෙල් නැතුව පෝලිමක හිර වෙලා අයිස් පෙට්ටිය නැතුව දාඩියෙන් නෑවිලා කරුවලේ පැය අටක් මෝචරියේ ගතකළා ඉටිපන්දමක් තියන් එම්බාම් කර සුදු සරම කණපිට අන්දලා කරුවලේ ජෙනිය එව්වත් මොටද ලොකුසාදු පන්සලේ මං ගෙදර එනකොටත් මලගෙදර කරුවලේ කළුවරේ එකිනෙකා පෙට්ටියට එබෙනවා උන් උන්ම හැප්පිලා තේ කහට හැලෙනවා ඇසිලිනා ඇන තියන් දර ලිපට පිබිනවා ඇඳුම වැඩිවෙලා ආයෙමත් කහිනවා මාත් අවසන් වරට සැප රියක යනවා හර්ස් එක නැවතුනා තෙල් නැතුව මහ පාරේ සැතපුමක් කරපිටින් ඇවිත් සංසාරේ ගෑස් එක ඉවරයිලු ආදාහනාගාරේ ආදාහනාගාරයේ නැවතිලා පඩිපෙලේ පිච්චෙන ඉන්නවලු ලිස්ට් එකේ කෙලවරේ ගෙබි පැටව් ජෝඩුවක් ගයනවා කළුවරේ අපි තමයි හොඳටම කළේ එක තමයි නියම කවිය. අපේ ලොකු මහත්තයා මේ දවස්වල බංකරයක ඉඳගෙන කියනවා ඇති අපි තමයි හොඳටම කරේ කියලා හිරුණිකා ඒ පැත්තට හැරෙන කොටත් ්‍රිවිධ හමුදාවම කැඳවනවා ඔන්න මහලොකු වීරෝදාර නායකයා 69ලක්ෂයක් ඡන්දය දීලා ගෑනු දෙන්නෙක් එනකොටත් බයයි පිරිමියෙක් හෙට දවස නැගිට්ටේ කොහේ නවතියිද දන්නෑ.

මේ තත්ත්වයට මොකක්ද ආණ්ඩුව විසඳුම අද බංකොලොත් ගෙදරක අයිතිකාරයෙක් බංකොලොත්කම නැති කරන්න ගෙදර තියෙන සියලු බඩුමුට්ටු විකුනන් කනවා අද රජය කරන්නේ රාජ්‍ය දේපල එකිනෙක කුණු කොල්ලයට විකුනනවා ඒ විකුනන්නෙ ඒක පිළිබඳව ප්‍රශස්ත විදියට ව්‍යාපාරය ඉදිරියට ගෙන යන්න නෙමෙයි මුදල් අහේනියෙන් මිදෙන්නට කරන කාලකන්නි ක්‍රියාවක් මුලින්ම විදුලියට අත ගැහුවා ලංකාවේ විදුලිය ලබා දෙන්න පුළුවන් රජයට පමණයි කියලා පනතේ තියෙනවා ඒ පනතකින් ආවා වගන්තිය වෙනස් කරා එහිදී වෙනස් කරලා කයිවාරු ගැහුවා විදුලිබල මණ්ඩලය අකාර්යක්ෂමතාවය හා වැටුප් ප්‍රශ්න කියලා කිව්වා ඒක අසාධාරණයි කිව්වා වෙනත් විකල්ප විදුලි ජනනයට විරුද්ධයි කිව්වා මේකට ගන්න ඕනේ ක්‍රියාමාර්ගය ඒක පුද්ගලීකරණය වීම කියලා මේ හින්දා ආයෝජකයා හොයල ඉවරයි. ඒක විදුලිබල මණ්ඩලයේ සභාපති ගෙ කටින් පිට වුණා කෝප් එකෙදි කිව්වා මේක මෝඩි අගමැතිතුමා ජනාධිපතිතුමාට බලකිරීම නිසා මට කතා කරල කිව්වා මේක අදානිට දීලා දාන්න කියලා .අදානිට දෙන්න ලෑස්ති කරලා තමයි අකාර්යක්ෂමතාවය මතක් වෙලා තියෙන්නේ ජනාධිපති උවමනාව කතා පවත්වන තෙල් ඇමැති එයාගේ කතාව විතරයි හැමදාම නැව් එනවා දැන් කියනවා ඒවා එන්නෙ මාධ්‍ය හමුවේ විතරයි තෙල් නැව එනවා කියලා පස්සේ එන්නේ නැහැ කියනවා මෙහෙම තුට්ටු දෙකේ ඇමතිලා ද මේ ඇමතිකම් ඉගෙන ගන්නවා ඒ අයියලා කඩාගෙන වැටිච්ච විනාශ වෙච්ච රටේ ඇමතිලාට පුහුණු වෙන්න ඇමැතිකම් දීලා දැන් මොකද කරන්නේ මේක අදානිට දෙන්න ඔක්කොම ලෑස්ති කරල පාර්ලිමේන්තුවට ගෙනල්ලා සම්මත කරනවා මේකේ වාමාංශික ඉන්නවා වාසුදේව නානායක්කාර මැතිතුමා රතු කොඩිය ගහපු විමල් වීරවංශ මේගොල්ලන්ට ආත්ම ශක්තියක් නැහැ අතඋස්සල මේකට විරුද්ධ වෙන්න ඒගොල්ලො මොකද කරන්නේ අපි විරුද්ධ වෙනකොට ඡන්දය දීමෙන් වැළකෙනවා අදානිත් හොඳයි මේගොල්ලෝ හොඳයි එහෙමයි කියන්නේ අදානිත් නරකයි ජනාධිපති නරකයි දෙකම හොඳයි කියලා අත පිහිදා ගන්නවා මෙතනදි අපි පැහැදිලිව කිව්වා මේක තමයි මේ වක්කඩ අරින්නෙ කියලා පුද්ගලීකරණයට මම විරුද්ධ නැහැ නමුත් මේ වගේ ජරා විදිහට බංකොලොත් පුද්ගලීකරණය කිරීම රටට ප්‍රගතියක් ඇති වෙන්නේ නැහැ දැන් තෙල් විකුණන්න හදනවා විදුලිය විකුණා ංකාවටම ගෙන්ගෙට අවශ්‍ය දේවල් තමයි විකුණන්නේ ඊයෙ මෙහේ ඇවිල්ලා පැය දෙක තුනක තෙල් සම්බන්ධ වෘත්තිය සමිති නායකයෝ ඉංජිනේරු සමති කතා කළා එතන මොකද වෙන්නේ ඒකට කරන්න හදන්නේ පිරවුම්හල් ටික දෙන්න හදනවා ඒ අය දෙන්නේ ඉන්දියාවේ ioc එකට. ඒ වෙනුවෙන් තෙල් හිඟයක් ඇති කරනවා ඇමතිම කියනවා මෙට්‍රික් ටොන් දහදාහක් තියනවලු ත්‍රීකුණාමලයේ අයිඕසී එක යටතේ නමුත් දවසකට නිකුත් කරන්නේ මෙට්‍රික් ටොන් 300යි ලු එයාම කියනවා දාහක් නිකුත් කරන්න කියලා. ඇයි නිකුත් නො කරන්නේ එයාට තේරෙන්නෙ නෑ ඊට පස්සේ මිල වැඩි කරනවා මේ තෙල් හදන්න ලංකාවට ගේන්නේ බොරතෙල් එසේ ගෙනත් පිරිසිදු කරනව ඒ තුලින් විශාල ලාභයක් රටට තිබෙනවා.තෙල් පිරිපහදුව නැති උනාම පාඩුයි අද ඉන්න නායකයෝ මිල වැඩි කරලා තව කෙනෙකුට දෙන්න හදනවා සාමාන්‍යයෙන් පිරිපහදුවක් ඔයිල් හදනවා ගුවන් යානා වලට අද ඒක වහලා තමිල්නාඩුවට යනවා තෙල් ගන්න.ශ්‍රී ලංකන් ගුවන් යානාත් එහේ යනවා.මේ දෙවල් කරලා ⁣තෙල් සංස්ථාව ioc එකට දෙන්න හදනා මේ ඔක්කොම හොරු.

මේ ජනාධිපති ඇතුළු කැබිනට් මණ්ඩලයම හොරු මංකොල්ලකාරයෝ මුන්ටරට විකුණලා හරි කමක් නෑ සල්ලි හොයනවා. හැමදේකින්ම කරන්නේ හොරකම් කරන්න දන්නවා ආපහු එන්න හම්බ වෙන්නේ නැහැ ඒ නිසා පුළුවන් තරම් හොරා කනවා බංකර එකට වෙලා ඉන්නවා ඉර පායනවා දන්නෙත් නැහැ ඉර බහිනවා දන්නෙත් නැහැ එළියේ වහිනවද කියලා දන්නෙත් නෑ පායනවද කියලා දන්නෙත් නැහැ ඔක්කොම එවුන් එතනට ගෙන්න ගන්නවා මොකද කාර්යාලය වට කරලා බංකරයට වෙලා ඉන්නවා එයා බංකරයට වෙලා එතන ගාන ගහනවා අනිත් ඇමතිවරු පාගා ගහනවා ඉතුරු ටික රට විකුනනවා. ගන්නෙ ආණ්ඩුව කාළකන්නි ආණ්ඩුව රට හූරා කනවා විශාලා මහනුවරක් වෙලා සියලුම දේශප්‍රේමීන් ගෙන් ඉල්ලා සිටිනවා අරගලකරුවන් පෙරටුගාමී ජනතා විමුක්ති පෙරමුණ පොහොට්ටුවේ ඉන්න රට ගැන ආදරේ හිතෙන සියල්ල එකතු වෙලා එක පෙරමුණකට ඇවිත් වැඩි කල් නොගොස් මේ ජනාධිපති අල්ලලා මෙයාට ඇමරිකාවට යන්න කියමු මේ රටේ මිනිස්සු මියයන තත්ත්වය වැඩිවෙයි අපි හෙට මුජිබර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නාගරික මැතිවරණ කොට්ඨාස ගණනාවකින් එකතුවෙලා විශාල උද්ඝෝෂණයක් කොටුවේ දුම්රියපොළ අසල කරනවා මෙවැනි විරෝධතාවලින් අපි ආණ්ඩු විරෝධී සියල්ල එක්ක සාකච්ඡා කර තියෙනවා ඉතාම ඉක්මනින් ලක්ෂ සංඛ්‍යාත ජනකායක් පාරට බහිනවා අරගලයේ දෙවැනි අරගලයක් ආරම්භ කරනවා ඒ නිසා පුළුවන් නම් අපි හිරේ දාන්න මරන්න නොයෙකුත් දේ කරන්න මොනවා කරත් අපි එනවා බංකරය හොයාගෙන කරුණාකරලා ඊට කලින් ඇමරිකාවට කියන්න නැත්තං අපි ඉදිරියේදී තමුසෙට කිසිම ආත්මයක් නැතුව තමයි අපිට බාර දෙන්න වෙන්නේ එදාට අපේ ත්‍රිවිධ හමුදාව පොලිසියේ සහෝදරවරුන් ඒ අයගේ නෝනල පෝලිමේ දරුවන්ට කිරි පිටි නෑ දැන් ඉතුරු වෙලා තියෙන්නේ සියලු නායකයො අත්වැල් බැඳ ගැනීම පමණයි ට පස්සේ ත්‍රිවිධ හමුදා පොලිසියේ සියලුම සහෝදරවරු අපිත් එක්ක සටනට සහාය වෙයි.