අද තරුණ පරපුර අපේක්ෂාභංග වී ඇති බවත් දැවැන්ත පාස්පෝට් පෝලිම තුලින්ම ඒ බව පෙනෙන්නට තිබෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකතුමා මේ බව පැවසුවේ අද(21) සමගි විහිදුම් බලගණය ජනගත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

“රටට ආදරේ කරන තරුණ පරම්පරාව කරකියා ගන්නට දෙයක් නැතිව අසරණව සිටින බවත් ඒ මහතා පැවසීය.

තරුණ අසහනය පිලිබදව කොමිෂන් වාර්තාවේ නිර්දේශ රැසක් ඇති නමුත්,අද එහි නිර්දේශ රැසක් උල්ලංඝනය වී ඇතැයි ද පැවසූ විපක්ෂ නායකතුමා අද අවශ්‍යව ඇත්තේ සහභාගීත්ව රාජ්‍ය පාලනයක් බවද පැවසීය.

කොළඹට කිරි ගමට කැකිරි යනුවෙන් මතයක් ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා ඇති හැකි,නැතිබැරි ප්‍රවනතාවය අතිශය බරපතළ තත්ත්වයක් බවත් අද කෝවිඩ් දුප්පත්කමත් බලපා ඇති බවත් පැවසීය.

රටට අවශ්‍ය වන්නේ දැනුම,සත්‍ය ,විද්‍යාව සහ දත්ත මත පදනම්වූ යථාර්ථවාදී විසදුම් බව පැවසූ විපක්ෂ නායකතුමා සම්ප්‍රදායෙන් බැහැරව, නවීනත්වයෙන් යුක්තව කටයුතු කළයුතු බවත්, දේශපාලනය වෙනුවට දේශසේවය කළයුතු කාලය එලඹ ඇති බවත් පැවසීය.

රටට අගයක් එකතු කිරීම සමගි ජනබලවේගයේ ප්‍රතිපත්තියක් බව කී විපක්ෂ නායකතුමා,ඒ වෙනුවෙන් කිසිදු විපක්ෂයක් නොකළ ජනතාවාදී කටයුතු රැසක් සිදුකොට ඇතැයිද පැවසීය.

රෝහල් 33ට ලක්ෂ 900ට වැඩි රෝහල් උපකරණ  ඇති බව කී විපක්ෂ නායකතුමා උනුත් එකයි මුනුත් එකයි යන්න සමගි ජනබලවේගයට අදාල නැති බවද කීය.

තහනම් කළ පොහොර ශාක පෝෂක නමින් ඊනියා නමක් පටපැද ආපසු ගෙන්වීමට ආණ්ඩුව අද තීන්දු කොට ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා, ජනගගක් කොළඹ වටලා දවස් පහකින් ආණ්ඩුව රිවස් වී ඇතැයිද පැවසීය.

එක විරෝධතාවයෙන් ආණ්ඩුව එහෙම රිවස් වුණානම් උද්ඝෝෂණ තුන්සීයක් පවත්වා ආණ්ඩුව සහමුලින්ම රිවස් කරන බවද විපක්ෂ නායකතුමා පැවසීය.