අද ජනතා උද්ඝෝෂණ මැඩ පැවැත්වීමට රජය බළල් හස්තයක් යොදා භීෂණයක් මවා ඒ තුලින් මර්දනය කරන්න ආණ්ඩුව උත්සාහ කරන බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී අලවතුවල මහතා පවසයි .

ඔහු වැඩි දුරටත් කියා සිටියේ,

“අපි දන්නවා නාවල ජනාධිපතිවරයාගේ නිවස අසල සිද්දියේ බස් රථයකට ගිනි තැබුවා එම වීඩියෝ දර්ශන තිබෙනවා කෝ එම පරීක්ෂණ ඇයි අල්ලගන්න බැරි තමන් ඉදිරිපත් කර පුද්ගලයෙක් නිසා රඹුක්කන සිද්දියේ දී ජනතාව කියනවා මුහුණ වසාගත් පොලිස් නිළධාරින් තමයි ත්‍රීරෝද රථයට ගිනි තිව්වේ කියලා අද උද්ඝෝෂණ මැඩ පවත්වන්න රජය බළල් හස්තයක් යොදලා භීෂණයක් මවනවා ඒ තුලින් මර්දනය කරන්න ආණ්ඩුව උත්සාහ කරනවා.අපි ආණ්ඩුවට කියනවා භිෂණය මවමින් මර්දනය කරන්න උත්සාහ කරාට මේවා සියල්ල සාමකාමී උද්ඝෝෂණ බව. අද පාරවල් වහමින් කරන සාමකාමී උද්ඝෝෂණ මර්දනය කරන්න හදනවා අ⁣පි ජනතාවට කියනවා බොහොම පරිස්සම් වෙන්න කියලා. මේ ආණ්ඩුව ගෙනයන මර්දනයයේ ඉතාම පරිස්සම් වියයුතුය .

අද ජනතාව ඉල්ලන්නේ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලටම ගෙදර යන්න කියලා .මේ රටේ ලක්ෂ 220ක් අද පාරට දමලා .සමස්ත රටේ වත්කම් හොරා කාලා .එම නිසා පවුල් පාලනයම ගෙදර යා යුතුයි යන්න ජනතාවගේ ඉල්ලීමයි.අද ගෝල්ෆේස් තරුණයන් ඉල්ලනවා මේ ක්‍රමයේ වෙනසක් අපි වගකිවයුතු විපක්ෂයක් විදියට එම වෙනසට 21 වන සංශෝධන යෝජනාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එය ඉතාම ඉක්මනින් මේ වියරුව වෙනස් කරලා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා එම සංශෝධනය ගේනවා .අපි ඉල්ලනවා රට ගැන හිතන ප්‍රගතිශීලී මන්ත්‍රීවරුන් ගෙන් මේ ව්‍යවස්ථා සංශෝධනයට සහයෝගය ලබා දෙන්න මේ අවස්ථාවේ රට වෙනුවෙන් හිතලා තරුණයන් විශාල පිරිසක් පාරට බැහැලා ක්‍රමයේ වෙනසක් ඉල්ලනවා.ඒ වෙනුවෙන් පෙලගැහෙන ලෙස මන්ත්‍රීවරුන් ගෙන් ඉල්ලා සිටිනවා .

ඒ වගේම විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා එයට අපේ පක්ෂයේ සියලු දෙනා අස්සන් කර තිබෙනවා එයට 113ක් අත්සන් කිරීමට අවශ්‍යයි ඒ නිසා එයට ස්වාධිනව ඉන්න කණ්ඩායම කණ්ඩායමේ සහාය ලැබෙනවා ඒ නිසා අනිත් අයටත් කියනවා මේ වනවිට දෛනිකව ස්වාධීන වෙන මන්ත්‍රීවරුන් වැඩිවෙලා තියෙනවා ඊයේ දිනයේ තුන්දෙනෙක් ස්වාධීන වුණා අපි කියනවා ලබන පාර්ලිමේන්තු වාරය වන විට අනිවාර්යයෙන්ම විශ්වාසභංගය ජයග්‍රහණය කරන්න අවශ්‍ය මන්ත්‍රීන් ප්‍රමාණය රටට ආදරය කරන අය කවුද කියලා ජනතාවට දැනගන්න අවස්ථාව උදා කර ගන්න කියලා .”

යනුවෙන් අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් පැවසීය .