රටක උද්ඝෝෂණ පැවැති පළියට ඒවා ආණ්ඩුවලට දැනෙන්නේ නැත. ආණ්ඩුවකට දැනෙන්නටනම් උද්ඝෝෂණයක් සාර්ථක උද්ඝෝෂණයක් බවට පාත්විය යුතුය. සාර්ථක උද්ඝෝෂණයකට විශාල ජන සහභාගීත්වයක් පමණක් තිබීම ප්‍රමාණවත් වන්නේ නැත. ඊට හොඳ නායකත්වයක්ද තිබිය යුතුය. මෙරට පැවැති උද්ඝෝෂණ බහුතරයක් අසාර්ථක උද්ඝෝෂණ වීමට හේතුව වනුයේ මෙකී සාර්ථක නායකත්වය නොලැබී යාමය.
ඒ අතින් ගත්කල සමගි ජන බලවේගය පසුගිය සතියේ දියත්කළ කොළඹ වැටලීමේ උද්ඝෝෂණය හැම අතින්ම සාර්ථක එකක් විය. එයට මෙරට උද්ඝෝෂණයකට සහභාගීවූ විශලතම පිරිස එක්ව සිටින ලදි. අනිත් පසින් ගත් කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්රමුඛ ස.ජ.බ නායකයන් ඊට ඉතා නිවැරදි නායකත්වයක් ලබා දී තිබුනි. මෙම නායකත්වය කෙතරම් විශිෂ්ටද යත් උද්ඝෝෂණයෙන් පසු මාධ්‍යට කරුණු දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව පවසා තිබුනේ ස.ජ.බ. උද්ඝෝෂණය පැවති අවස්තාවේ කිසිදු අපරාධමය වරදක් හෝ පොදු දේපළ හානි කිරීමක් සිදුව නැතිබවය. එහෙයින් උද්ඝෝෂණය පිළිබඳ පොලිස් පරීක්ෂණයක් නොකෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා මාධ්‍යට පවසා තිබුනි.
එසේවීමට හේතුව සුවිශාල ජන සංඛ්‍යාවක් ඉතා නිවැරදිව අරමුණ කරා මෙහෙයවීමට ස.ජ.බ නායකත්වය සමත්වීමය. එපමණක් නොව ජානතාවගේ පීඩනය රටේ ඉහළම තැනට නිවැරදිව මුදා හරින්නටද එම උද්ඝෝෂණය සමත් විය. ඒ ජනාධිපති ලේකම් කාර්යාලය වට කිරීම මගිනි. ඉතා ආවේගශීලී ජනතාවක් සන්නද්ධ රැකවලුන් අරක්ගත් ජනාධිපති ලේකම් කාර්යාලයට මෙහෙයවිම මගින් ස.ජ.බ පෙන්නුම් කරන්නේ ආණ්ඩුවේ ඕනෑම අභියෝගයකට මුහුණ දීමට ඔවුන් සූදානම් බවය. එය ගරාවැටෙමින් තිබෙනා ආණ්ඩුවක ඉහමොළ රත්කිරීමට ඕනෑවටත් වඩා ප්රමාණවත්ය