බටහිර මාධ්‍ය වර්තකරනයන්ට අනුව ඊශ්‍රායලය විසින් මේ වන විට සමස්ත ගාසා වැසියන්ගේ විදුලිය විසඳි කර ඇති පසුබිමක ශ්‍රී ලංකේය විදුලි පරිබෝගිකයන්ගෙන්  500,000 කට අධික පිරිසකගේ විදුලිය විසඳි කිරීමට රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රාජපක්ෂ ආණ්ඩුව පියවර ගෙන ඇත.

වත්මන් රජය විසින් අත්තනෝමතික ලෙස විදුලි බිල වැඩිකිරීමත් සමඟ සුවහසක් ශ්‍රී ලංකේය පාරිබෝගික ජනතාව දැඩි අසීරුතාවකට පත් කර තිබෙන බව දැකගත හැකිවේ.

ලංකා විදුලිබල මණ්ඩලය විසින් මෙම වසරේ ඔක්තෝම්බර් මාසය වන විට 500,000 කට අධික පාරිභෝගිකයින් පිරිසකගේ හිඟ ගෙවීම් පියවීමට අපොහොසත් වීම හේතුවෙන් විදුලිය විසන්ධි කර තිබේ.

සන්ඩේ ටයිම්ස් පුවත්පතට (The Sunday times) ලංවිම මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත මහතා ප්‍රකාශ කර තිබෙන්නේ 2023 ඔක්තෝබර් වන විට බිල්පත් නොගෙවීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.

නොයෙල් ප්‍රියන්ත පැහැදිලි කළේ පාරිභෝගිකයින්ට මේ වන විට දින 30 ක ණය කාල සීමාවක් සහ ආසන්න වශයෙන් දින 10 ක දැනුම්දීමක් ලබා දෙන බවත්, ඉන් පසුව ඔවුන්ගේ සම්බන්ධතාවය විසන්ධි කරන බවත්ය.

ශ්‍රී ලංකාවේ විදුලි බිල වැඩිකිරීම පිළිබඳව තිබෙන මහජන උපයෝගීතා කොමිසමේ ප්‍රතිපාදන වලට අනුව වසරකට දෙවතාවක් පමණක් විදුලි බිල ඉහල දැමිය හැකි වන අතර මහජන උපයෝගීතා කොමිසමේ විශේෂ ප්‍රතිපාදන උපයෝගී කරගනිමින් විදුලි බිල තෙවන වතාවටත් වැඩි කර තිබේ.

මේ පිළිබඳව විචාරකයින්ගේ මතය වන්නේ ශ්‍රී ලංකා විඳුලි බල මණ්ඩලය අර්බුදකාරී තත්වයකට පත්ව තිබෙන වාතාවරණයකදී පමණක් මේ ආකාරයෙන් තෙවන වතාවටත් විදුලි බිල වැඩිකිරීමට මහජන උපයෝගීතා කොමිසමේ ප්‍රතිපාදන භාවිතා කරන අතර, මෙම වසර තුල විදුලි බල මණ්ඩලය කෝටි 5කට අධික ලාභ ලබමින් තිබියදී සහ වැසි සහිත කාලගුණික තත්වයක් ජල විදුලිය සැපයීමට ඉතාමත් වාසි සහගත තත්වයක තිබියදී විදුලි බිලවැඩිකිරීම අත්තනෝමතික ලෙස ජනතාවට පීඩනයක් ඇතිකිරීමක් බවයි.