මාර්ගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබද පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශයෙන්, ඔවුන් මෙම පනතට ලබා දුන් දායකත්වය නිවරදිව පිළිපිඹු නොවන බව, ආසියානු ඉන්ටනෙට් සන්ධානය පවසයි.

සහයෝගීතාවයෙන් ඉදිරි කටයුතු කිරීමට සූදානමින් සිටිය ද , මාර්ගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතේ සංශෝධන පිළිබඳව මෙතෙක් ආසියානු ඉන්ටනෙට් සන්ධානය දැනුවත් කර නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙයි.

මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙන ඒමට පෙර ASIA INTERNET COALITION ආයතනය විසින් මෙම පනතේ තිබෙන විදිවිධාන සමඟ මෙම පනත සම්මත කරගත් විට ලංකාවේ ආර්ථිකය ආධී විවිද පාර්ශව ගණනාවකට වියහැකි බලපෑම් පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කර තිබුණි.

ආණ්ඩුවේ ඔන්ලයින් පනතට google, X, Meta ආධී සමාගම් රැසක් කනස්සල්ල පළකරයි, ආර්ථිකය අඩාලවීමක් ගැනත් අනතුරු අඟවයි

වර්තමාන ස්වරූපයෙන් මෙම පනත් කෙටුම්පත ක්රියාත්මක කළ නොහැකි අතර ශ්රී ලංකාවේ විද්යුත් ආර්ථිකයට ගලා එන සෘජු ආයෝජනවලට ද, එමගින් බලපෑමක් එල්ල වන බව, ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ .

Google, Apple, Meta, X (Twitter), Amazon, Yahoo, Booking.com, FedEx, Pinterest වැනි දැවැන්ත සමාගම් ආසියානු ඉන්ටර්නෙට් සන්ධානයේ සාමාජිකයින් වේ.