රජය විසින් පසුගියදා ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහිව සමගි තරුණ බලවේගය මගින් විරෝධතාවයක් ඊයේ (27) පැවත්වුවා.
ඒ බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිට දීය.
සමගි තරුණ බලවේගයේ නියෝජිතයන් ඉල්ලා සිටියේ ඉන්ධන මිල අඩු කිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවයි .
මෙම විරෝධතාවයට සමගි තරුණ බලවේගයේ ජාතික සංවිධායක චමිත් විජේසුන්දර මහතා ඇතුළු සමගි තරුණ බලවේගයේ නියෝජිතයන් විශාල පිරිසක් එක්ව සිටියා.