සමඟි ජන බලවේගය පසුගිය මහ මැතිවරණයේදී ඡන්ද ලක්ෂ 27 ක් ලබාගත් බවත් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයේදී ඡන්ද ලක්ෂ55ක් ක් ලබාගත් බවත් මීළඟ ජනාධිපතිවරණයේදී මේ රටේ නියත ජනාධිපතිවරයා සජිත් ප්‍රේමදාස මහතා බවත් මුජිබර් රහ්මන් මහතා පැවසීය.
අනුර කුමාර දිසානයක මීළඟ ජනාධිපතිවරණයෙන් ජයගන්නා බව එළිදක්වන විවිධ වාර්තා මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුවත් එම වාර්තාවල මුලාශ්‍ර පිළිබඳව බරපතල ගැටලුවක් තිබෙන බවත් මෙහිදී රහ්මන් මහතා අවධාරණය කර සිටියේය.
සමඟි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, දුෂණ විරෝධී බලවේගයේ ජාතික සංවිධායක මුජිබර් රහ්මන් මහතා මෙහිදී වැඩිදුරටත් පැවසූ අදහස්,
‘‘සමගි ජන බලවේගයේ ප්රතිසංවිධාන කටයුතු මේ වනවිට ආරම්භ කරලා තිබෙනවා. පක්ෂ නායක සජිත් ප්‍රේමදාස , පක්ෂයේ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ පක්ෂයේ මන්ත්‍රීවරු ලංකාව පුරාම ගොස් ආසන සංවිධායකරු , පක්ෂයේ ක්‍රියාකාරීන් , සාමාජිකයන් හමුවෙලා පක්ෂයේ ඉදිරි වැඩපිලිවෙල ශක්තිමත් කරන්න කටයුතු සිදුකරගෙන යනවා. අනුර කුමාර දිසානයක ජනාධිපතිවරණයෙන් ජයගන්නා බව එළිදක්වන වාර්තා පිළිබඳව මුලාශ්‍ර පිළිබඳව ගැටලුවක් තිබෙනවා. එම විශ්ලේෂණ සිදුකළ ආකාරය පිළිබඳවද තොරුතුරු සඳහන් වෙන්නේ නෑ. සමගි ජනබලවේගය පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්ද ලක්ෂ 27 ක් ලබාගත්තා. පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස ඡන්ද ලක්ෂ 55 ක් ඡන්ද ලබාගත්තා. ඒ නිසා 2024 ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස ජයගන්නා බවට වන විශ්වාසය අප තුළ තිබෙනවා.‘‘