ඉඩමක් ඉල්ලා නුවරඑළිය දිස්ත්‍රික්කයේ තලවකැලේ ප්‍රදේශයේ ජනතාව ඊයේ (17) දින තලවකැලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලට ගොස් තමන්ට ඉඩමක් ලබාදෙන මෙන් ප්‍රාදේශීය ලේකම්වරියගෙන් ලිඛිත ලියුම් ලබාදෙමින් ඉල්ලීම් සිදු කිරීම සිදු විය.

එම ජනතාව පවසන්නේ තමන්ගේ පරම්පරාව ලංකාවේ වසර දෙසීයක් වන මේ මොහොත වන විටත් තමන්ට ඉඩම් අයිතියක් නොමැති අතර එම නිසා විවිධ ගැටලුවලට ඔවුන්ට මුහුණ දීමට සිදුවී ඇති බවත් පවසයි.