ප්‍රමුඛ පෙළේ වෘත්තීය සමිති නායකයකු වන ආනන්ද පාලිත මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ වෘත්තීය සමිති කටයුතු සම්බන්ධ විශේෂ සහකාර තනතුරට පත්කරනු ලැබීය. ඊට අමතරව සමගි ජන බලවේගයේ වෘත්තීය සමිති මාධ්‍ය ප්‍රකාශක තනතුරටද ඒ මහතා පත්කරනු ලැබීය.
පක්ෂ වෘත්තීය සමිති යාන්ත්‍රණය ශක්තිමත් කිරීමටත්, එහි මාධ්‍යමය කටයුතුවලට සක්‍රිය දායකත්වය සැපයීමටත් ඒ මහතාට අවස්ථාව හිමි වෙයි.
ඊට අදාළ පත්වීම් ලිපි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙතින් ඊයේ (27) ආනන්ද පාලිත මහතා භාරගනු ලැබීය.