සෞභග්‍යයයේ දැක්ම ජනාධිපතිටවත් මතක නෑ

අද රටේ බඩුමිල අහස උසට ගිහින් අනිත් පැත්තෙන් බඩු හිඟ වෙලා ඒ වගේම අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ පවා ගෙන්වීම තහනම් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න පසුගියදා පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

“වර්තමාන ආණ්ඩුව සහනාධාරයට වෙන් කළ මුදල් කපා හැරලා. රට බංකොලොත් වෙලා. අනිත් පැත්තෙන් රටට විරුද්ධව මානව අයිතීන් කඩවීම් චෝදනා එල්ල වෙලා .මේ වසරේ මානව හිමිකම් කඩ කරපු නරකම රටවල් අතරට ලංකාවත් පත්වෙලා. ලෝක මානව අයිතීන් කඩන වැඩිම රටවල් 45ක් අතරට ලංකාව ඇවිත් තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මහලේකම් තුමිය මානව අයිතිවාසිකම් කොමිසමට ඉදිරිපත් කරපු නවතම වාර්තාවේ ඒ ගැන සදහන් වෙනවා එහි වැඩි දුරටත් සදහන් වන්නේ රාජ්‍ය නිලධාරීන් බියගැන්වීම, හිරිහැර කිරීම වැනි මානව හිමිකම් චෝදනා ගැන. මෙවැනි කිසිදු චෝදනාවක් යහපාලන කාලයේ ආවෙ නැහැ ඉතාම හොඳ තත්ත්වයක් මානවහිමිකම් පිළිබඳව තිබුණා

මහා සාගරය මැද රුවල් කඩා ගත්ත ඔරුවක් වගේ මේ ආණ්ඩුව හෙට දිනයේ කුමක් සිදු වේද කියා කවුරුවත් දන්නේ නැති තත්ත්වයක තමයි රට තිබෙන්නේ අද මේ ආණ්ඩුවට තිබෙන ලොකුම ආශිර්වාදය කොරෝනා වෛරසය එය නැත්නම් මේ වෙන විට මිනිස්සු ලක්ෂ ගණන් පාරට බැහැලා. කොළඹ නගරය වටකරලා.” මන්ත්‍රීවරයා ප්‍රකාශ කලේය .