ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රට හදන සෞභාග්‍යය ප්‍රතිපත්තියක් ඉදිරිපත් කළා. එය වියතුන් කියලා පිරිසක් අනුමත කළා පසුව එය 69 ලක්ෂයක ජනතාවක් අනුමත කළා දැන් එය ජනාධිපතිතුමාට අමතක වී ඇතැයි සමගි ජන බලවේග පක්ෂයේ විධායක නිළධාරි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා  ප්‍රකාශ කළේය .

වැඩි දුරටත් අදහස් දැක්වූ ඔහු “.රට හදන සෞභාග්‍යය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වෙන්නේ කුමක්ද? 07 වැනි පිටුවේ සදහන් වෙනවා දූෂණය පරදවන රටක් ගැන. එතුමා පොරොන්දු ගණනාවක් ගෙනවා රටේ පුරවැසියන්ට තමන් ඡන්දයට ඉදිරිපත් වෙනවිට දුන් එම පොරොන්දු මොනවද? මහ බැංකු මංකොල්ලය ඇතුළු පසුගිය කාලය තුළ සිදු කළ මහා පරිමාණ වංචා හා දූෂණ ඇතුළු අපරාධයන්ට සම්බන්ධ සියලු වැරදිකරුවන්ට නොපමාව දඬුවම් දෙනවා කිව්වා ඒ සඳහා නීතිය ක්‍රියාත්මක කරන බව කිව්වා . මහබැංකු වරදකරුවන්ට විරුද්ධව අපේ රජය කාලයේ දූෂණ විරෝධී ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරිපිට නඩු පැවරුවා. හැබැයි අද වෙන විට ත්‍රිපුද්ගල දූෂණ විරෝධී මහාධිකරණය පාළුවට ගිහිල්ලා.

අයි. සී. අයි. ජේ. අයතනය නඩේෂන් මහත්තයට යවපු ලිපියෙන් ප්‍රශ්න 22 අහනවා එයින් පහළොස් වැනි ප්‍රශ්නයේ තියෙනවා මහජනතාවගේ සල්ලිවලින් මිලියන 250ක් මේ මාලිගාව හදන්න වියදම් කළ බවට වන චෝදනාවට ඔබගේ ප්‍රතිචාරය කුමක් ද කියලා අහනවා . නඩේෂන් ප්‍රතිචාර දක්වන්නෙ නැහැ.ලංකාවේ පොලිසිය පරීක්ෂණ පැවැත්වූවා ඒ මුදල් ආපු විදිහ හොයාගත්තත් ඒ පිළිබඳව බැසිල් රාජපක්ෂ නඩේෂන් ගේ ඉඩමේ මාලිගාව හදන බව ඇස්පනාපිටම ඔප්පු වෙලා. නඩේෂන් රනිල් වික්‍රමසිංහ මහත්තයට ලිපියක් යවමින් පිළිගන්නවා මගේ ඉඩමේ මට නොදැනුවත්ව බැසිල් රාජපක්ෂ ගෙයක් හදා ඇත කියලා . අනුන්ගේ ඉඩම් වල ගෙවල් හදනවා නම් ඒක මරු ලෝකයක්.”

ලෝකයේ පිළිගත් ලෝකයේම දූෂණ පිළිබඳ ගවේෂණාත්මක මාධ්‍ය කරනයේ යෙදෙන ඉතාම ස්වාධීන ආයතනයක් වන අයි. සී. අයි. ජේ. ආයතනය කියනවා බැසිල් රාජපක්ෂ නඩේෂන් ගේ ඉඩමේ රුපියල් මිලියන 250 ක් වැය කරලා මහජන මුදල් වැය කරලා මාලිගාවක් ඉදි කිරීම පිළිබඳව ප්‍රතිචාරය කුමක් ද කියලා. නඩේෂන්ට උත්තර නෑ!”