වත්මන් ආණ්ඩුව සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් මර්දනය කිරීමට උත්සහ කරමීන් සිටින බවට සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා චෝදනා කළ සිටියේය .

මෙසේ කියා සිටියේ ඊයේ(18) විපක්ෂ නායක කාර්‍යලයේ දීය .

එහිදී අදහස් දැක්වූ මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා ,

“මේ රජය බලයට පත් වුණ ගමන් රුපියල් බිලියන හය 700ක රාජ්‍ය ආදායම අඩු කරගත්තා. එය සෘජු බදු හැටියට තිබුණු 15% වැට් බද්ද 8%ට ගෙනාවා ඒ තුළ ආදායම් බදු අය කර ගන්න ඕන ස්ථරය වැඩි කරගත්තා ඒ වැඩි කිරීම තුළ සමස්ත ඍජු බදු ආදායම අඩු කර ගැනීම තුළ තමයි මේ ආර්ථික අර්බුදය ඇතිවුණේ මේ තුළ ආණ්ඩුව කළේ මේ රටේ ඉන්න විශාල ව්‍යාපාරිකයන්ට ගජ මිතුරන්ට ජනාධිපති මැතිවරණයේදී උදව් කරපු විශාල කෝටිපති ව්‍යාපාරිකයන්ට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා සහන දුන්නා 2019 දී ප්‍රතිඵලය තමයි අද අපේ රටේ ආර්ථික අර්බුදය නිර්මාණය වෙලා තියෙන්නේ. එයාට හේතුවක් තමයි බදු ආදායම අඩු කර ගැනීම ආණ්ඩුව බලයට පත් වෙනකොට මේ රටේ කෝවිඩ් තිබුණේ නැහැ නමුත් දැන් හැම එකක්ම කෝවිඩ් වලට බැර කරන්න හදනවා.කෝවිඩ් නිසා ඇතිවෙච්ච අර්බුද තියෙනවා ඒ අපේ රටේ විතරක් නෙමෙයි ලෝකයේ හැම රටකටම බලපාන අරබුද නමුත් රාජ්‍ය ආදායම සියයට 15කින් අඩු කරල රටේ විශාල ව්‍යාපාරිකයන්ට ජනාධිපතිතුමාගේ ගජ මිතුරන්ට බදු සහන ලබාදුන්නා අපි දැක්කා මිලියන 15000ක් අහිමි කරගත්තා රාජ්‍ය ආදායම සීනි බද්ද ශත 25 ට අඩු කිරීම තුළ ඒවා ඇති වුණේ කෝවිඩ් නිසා නොවන බව” මන්ත්‍රීවරයා කියා සිටියේය .

තව දුරටත් පැවසූ මන්ත්‍රීවරයා ,

“එසේ ආර්ථික අර්බුදයක් සිදුවෙන කොට මාධ්‍යවේදී සමාජ ක්‍රියාකාරීන් ඒවා මාධ්‍යයට ලියනවා ඒ සමාජ ක්‍රියාකාරීන් ව අපරාධ විමර්ශන කොට්ඨාශයට ගෙනල්ල ඔවුන්ව මර්දනය කරන්න ආණ්ඩු උත්සහ කරනවා. අපි දැක්කා පසුගියදා ෂෙහාන් මාලක කියන තරුණයාව පාරේ යනකොට සීඅයිඩී එකෙන් ගිහින් අපරාධකාරයෙක් ව අත්අඩංගුවට ගන්නවා වගේ අරගෙන ගියා එහිදී උසාවියෙන් ඒ තරුණයාට එදාම ඇප ලබා දුන්නා මොකක්ද මේ හැසිරෙන ආකාරය. ඒ තරුණයා අත්අඩංගුවට ගන්න ඕන නම් සීඅයිඩී එකට එන්න කියලා ඔහු එනවා ඒ තරුණයි ඊට කලිනුත් කිහිප වතාවක් ගිහින් තියෙනවා නමුත් අත්අඩංගුවට ගන්නා ශිෂ්ටසම්පන්න ක්‍රමවේදයක් තියෙනවා අත්අඩංගුවට ගන්න ඕන නම් සුදු වෑන් ගිහිල්ලා ඒ තරුණයා බය කරලා පාතාල ක්‍රියාකාරිකයෙක් අත්අඩංගුවට ගන්නවා වගේ ත්‍රස්තවාදයට සම්බන්ධ කෙනෙක් අත්අඩංගුවට ගන්නවා වගේ අවශ්‍ය වෙන්නේ නැහැ .මේ කරන්නේ සමාජය තුළ භීතියක් ඇති කිරීමයි. මේවා නොදැනුවත් කමින් කරන දේවල් නෙමෙයි. හිතාමතාම සැලසුම් කරලා සමාජයේ වටපිටාවේ බලන් ඉන්න අනිත් මිනිස්සු තුළ බියක් ඇති කරන්නයි නැවත මර්දණය ක්‍රියාත්මක වෙනවා අපි දැක්කා චමුදිත මාධ්‍යවේදියාගේ ගෙදරට ප්‍රහාරයක් එල්ල කරා ඒ ප්‍රහාරය එල්ල කරලා අද වෙන කොට දින පහක් හයක් වෙනවා නමුත් එහි විමර්ශන අත්අඩංගුවට ගැනීම් තවමත් සිදු වෙලා නැහැ නමුත් මේ ආණ්ඩුව ජනාධිපතිතුමා විවේචනය කර කවුරුහරි පෝස්ට් එකක් දැම්මොත් ෆේස්බුක් එකේ ඒව පැය 24න් ක්‍රියාත්මක වෙනවා එහිදී අපට පේන දේ තමයි හැම තැනම අද වෙනකොට දේශපාලනය ක්‍රියාත්මක වෙනවා පොලිසිය නීතියේ ස්වාධීනත්වය අහිමි වෙලා. දේශපාලනඥයන්ගේ උවමනා එපාකම් කරන තැනට පත් වෙලා ඒ ගැන කණගාටු” බව ද, මන්ත්‍රීවරයා පැවසීය .