පෙබරවාරි 04 නිදහස් දිනය අභිමානයෙන් සැමරිමට සුදානම් වුණාත් අද රට ලෝකයෙන් ණය ඉල්ලමින් ඩොලර් හිඟකම ගැන කියා පාමින් අද හිඟමන් යදින තත්ත්වයකට රට පත් කර ඇති බවත් තවද රටේ අභිමානය සම්පූර්ණම ආණ්ඩුව විසින් නැති කර බව සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පවසයි .

ආණ්ඩුවේ ක්‍රියාකලාපය නිසා ලෝකය ඉදිරියේ අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වා ගැනීම සඳහා ණය ඉල්ලමින් ඩොලර් හිඟකම ගැන කියා පාමින් අද හිඟමන් යදින තත්ත්වයකට රට පත්ව ඇති බවත් රටේ අභිමානය සම්පූර්ණම මේ වෙනකොට ආණ්ඩුව විසින් උදුරා ගෙන ඇති බව ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා පැවසීය .

වැඩි දුරටත් කියා සිටියේ ,

වත්මන් රජය කටයුතු කරමින් සිටින්නේ එදා වේල ටුවර්ස් ආණ්ඩුවක් බව පැහැදිලිවම දකින්න තියෙන බව පවසන මන්ත්‍රීවරයා ,

“ලෝකයේ රටවල් ඉදිරියේ ඩොලර් නැතුව හිඟමන් යදිනවා ලබන මාසෙට තෙල් ටික ගෙන්න ගන්න විදිය ගැන කතා කරගන්න වෙලා. ලබන සතියට විදුලිය දෙන්න විදියක් නෑ කියලා ලෝකයේ රටවල් ඉස්සරහට ඇවිත් යදින්න සිද්ධ වෙලා. හාල් ටික ගෙන්න ගන්න අවශ්‍යයි කියලා ලෝකයේ රටවල් ඉස්සරහට ගිහින් කියන්න වෙලා. ජනතාවට අවශ්‍ය බෙහෙත් ටික ඉදිරි මාස දෙකට ගෙන්වා ගැනීම සඳහා ණය දෙන්න කියලා ඉල්ලීම් කරන්න රජයට සිද්ධ වෙලා තියෙනවා. අල ලූනු ගෙඩියට පවා ලෝකය ඉදිරියේ හිඟමන් යදින තත්ත්වයට අද මේ ආණ්ඩුව රට පත් කරලා” ඇති බව ගයන්ත කරුණාතිලක මහතා කියා සිටියේය .

මන්ත්‍රීවරයා තව දුරටත් කියා සිටියේ ,

“එම නිසා මේ වෙනකොට 74 වෙනි නිදහස අභිමානයෙන් සමරන්න රජය සූදානම් වෙන වෙලාව වෙනකොට රටේ ජනතාවට නැවත ආර්ථික නිදහස උවමනා වෙලා තිබෙනවා. රටේ ජනතාවට නැවත අවි නීතියෙන් නිදහස් වීමේ වුවමනාව ඇති වෙලා තිබෙනවා. දූෂණයෙන් හා අකාර්යක්ෂමතාවයෙන් නිදහස්වීමට උවමනාවෙලා තිබෙනවා. මිථ්‍යාවෙන් නිදහස් වෙන්න උවමනා වෙලා තිබෙනවා. රැවටීමෙන් නිදහස් වෙන්න උවමනා වෙලා තිබෙන බව අපට පේනවා එයට අද ජනතාව පෙළ ගැසෙමින් තිබෙන බවක් සමගි ජන බලවේගය හැටියට රට පුරා විවිධ දේශපාලන ක්‍රියාකාරකම් වල යෙදෙන කොට ජනතාව ඒ සඳහා පෙළ ගැසීම සිටිමින් සිටින බව පැහැදිලිව පේන්න තිබෙන” බව ගයන්ත කරුණාතිලක මහතා පැවසීය .

මේ අදහස් දැක්වූයේ අද(31) විපක්ෂ නායක කාර්‍යලයේ දීය .