අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්මත කිරීම මගින් පෝලිම් වල සිටීන ජනතාවගේ පීඩනය මර්දනය කිරීමට ආණ්ඩුව බලාපොරොත්තු වන බව සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසයි .
ඔහු වැඩි දුරටත් කියා සිටියේ ,
“අද පාර්ලිමේන්තුවට ගේනවා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත එම පනත පාවිච්චි කරන්න හදන්නේ මොකටද කියන කාරණය මේ රටේ ජනතාව තේරුම් ගත යුතුයි. පෝලිම් වල ඉන්න ජනතාවගේ පීඩනේ මර්දනය කරන්න එම ජනතාව අද මේ රටේ ඉන්න සියලු පාලකයන්ට කළ යුතු විය යුතු වැඩ පිළිවෙළ කියා දෙන්න මහපාරට ඇවිල්ලා. කියයුතු භාෂාවෙන් හැසිරීමෙන් කියාදෙන්න කටයුතු කරන බව ආණ්ඩුව දන්නවා ඒ නිසා එය මර්දනය කිරීම සඳහා ආණ්ඩුව ත්‍රස්තවාදී පනත පාර්ලිමේන්තුව තුළට ගෙනල්ලා අද සම්මත කරගන්න උත්සාහ කරනවා එහි බරපතළ කාරණයක් තියෙනවා අපි දන්නවා ව්‍යවස්ථාදායක සභාව තමයි රටේ නීතිය හදන්නේ ඒ නීති ක්‍රියාත්මක අධිකරණ පද්ධතියට භාර දීල තියෙනවා ඒක තමයි තිහාසය සිදුවුණේ දැන් මේ ත්‍රස්තවාදී පනත සම්මත වුණාට පස්සේ ඒ පනතේ තියෙන නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය යනවා ඇමතිවරයාට ඒක කාරණය විවස්ථාදායකය හදන නීතිය හා අධිකරණ පද්ධතිය හරහා ක්‍රියාත්මක වෙලා රටේ නීතියක් බවට පත්වෙන වැඩපිළිවෙළ එයින් ගලවලා ඇමතිවරයාට බලය ගන්න ත්‍රස්තවාදය ක්‍රියාදාමයන් හේතුවෙන් ඕනෑම පුද්ගලයෙක් ඕනෑම කාලයක් රඳවා ගන්න පුළුවන් නීතියක් අද සම්මත කරගන්න හදනවා ඒ නිසා රටේ ජනතාව පෝලිමේ ඉඳලා කෑගහනව නම් රටේ ජනතාව තමන්ගේ අගහිඟකම් ගැන කතා කරනවා නම් ඒ කතා කිරීමේ වැළැක්වීම වෙනුවෙන් මේ දුර්දාන්ත ආණ්ඩුව වෙත නැති පාර්ලිමේන්තුවේ නීතියක් සම්මත කරගන්න හදනවා ඇමතිවරයාට බලේ ගන්න එහිදී මේ කෑගහන හැම පුරවැසියෙක්ම ත්‍රස්තවාදියෙක් ලෙස සලකා අත්අඩංගුවට ගැනීම සඳහා වැඩපිළිවෙළක් තමයි මේ හදන්නේ ” බව මන්ත්‍රීවරයා කියා සිටියේය.
තව දුරටත් කියා සිටියේ,
“කවුරුන් හෝ කතා කරලා කියනවා නම් මේ පෝලිම් වල ඉන්න මිනීමැරුම් වලට සම්බන්ධ වුණේ ත්‍රස්තවාදය ක්‍රියාදාමයක් කියලා ඒ ක්‍රියාදාමය සම්බන්ධය වෙච්ච පුද්ගලයා කියනවා නම් ඔහුව අත්අඩංගුවට අරගෙන රඳවාගෙන ඇප නොදී ඕන කාලයක් තියා ගැනීමේ බලය ඇමතිවරයාට ලබාදීම සඳහා කටයුතු කරනවා මම හිතනවා රාජපක්ෂ මහත්තයෝ තමුන්නාන්සේලා කරන ඉතාම වැරදි නින්දිත පහත් ම වැඩපිළිවෙළ තමයි අද පාර්ලිමේන්තුව තුළ සම්මත කරන්න හදන්නේ 69 ලක්ෂය ත්රස්තවාදීන් කරලාද මේ රටේ 69 ලක්ෂයේ බහුතරයක් පෝලිම් වල ඉඳලා කියනවා ඕව් අපට වැරදුනා අපි මේ කාළකන්නි ආණ්ඩුව ගෙන්න කටයුතු කරා එහි වැරදි නිසා තමයි අපි දුක් විඳින්නේ හැබැයි ඒ වැරැද්දක් ආයේ කරන්නේ නෑ කියන ප්‍රකාශයන් මර්දනය කිරීම සඳහා ආණ්ඩුව ත්‍රස්තවාදී පනත ගෙනල්ල හැටනම ලක්ෂයත් අඩංගුවට ගන්න හදනවා. රටේ ජාතික ආරක්ෂාව රටේ වර්ග වාදයෙන් බෙදුම්වාදය ජාතිවාදය මනින්න ආපු ආණ්ඩුව තමන්ගේ පාක්ෂිකයෙකු ඡන්දදායකයා පත්කරපු ජනතාවම ත්රස්තවාදීන් සේ සලකා අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය නීතියක් සම්පාදනය කරලා බලය ඇමතිවරයාට එනවා මේ රටේ ඕනෑම පුරවැසියෙක් ත්‍රස්තවාදී කටයුත්තක් සේ සලකා අත්අඩංගුවට ගැනීමේ වැඩපිළිවෙළ නිසා එක පැත්තකින් මේ රටේ ජනතාවගේ ප්රජාතන්ත්රවාදය නවත්තන්න මර්දනය කරන්න ගන්නවා නීතියක් හැටියට අපි දකින්නේ මෙවැනි පහත් හැසිරීම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා වගේ ජනාධිපතිවරයෙක් කරන්න ඉඩ සැලසීම පිළිබඳවත් අපි කණගාටු වෙනවා.
අද ඒ සඳහා යෝජනා අපි වෙනස් කිරීම් ගණනාවක් පාර්ලිමේන්තුවට ලබා දී තියෙනවා ත්‍රස්තවාදී පනත අද සම්මත වුණොත් බී වාර්තාව අනුව ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයට ඉදිරිපත් කරන ලියවිල්ල ඉදිරිපත් කරන ඇමතිවරයා විෂය භාර ඇමතිවරයා එහිදී ඔහුට ලැබන බලයෙන් ඔවුන්ට ඇප දෙනවාද නැද්ද කියන තීන්දු ලබා දෙන්න අධිකරණයට එහෙම හැකියාවක් නැතැයි කියන වාර්තාව තමයි අදාළ පනත තුළ ගොඩනැඟිලා තියෙන්නේ ඒ නිසා අපි දන්නවා මේ රජයේ ඇමතිවරුන් තමන්ට ලැබිච්ච හැම වැඩේ එකම දේශපාන අරමුණ වෙනුවෙන් කටයුතු කළා පහුගිය කාලේ විපක්ෂයේ දඩයම් කරන්න එක එක නීති පනත් ගෙනල්ලා බරපතළ විදියට විපක්ෂයේ හඬ සහ රජය ප්රජාතන්ත්රවාදය වළලන්න කටයුතු කලා අද ඊටත් වඩා දරුණු ගණයේ පනතක් සම්මත කරගන්න කටයුතු කරනවා දැන් ආන්ඩුවේ අයුක්තිය අසාධාරණය අවනීතිය ට කතා කරන ආණ්ඩුව ඇතුළේ ඉන්න ඇමතිවරුන්ගෙන් අහනවා අද මේකට අත උස්සනවා ද කියලා .මේ මොහොතේ අපි ගත්තොත් කවුරුන් හෝ පුද්ගලයෙක් ත්‍රස්තවාදී ක්‍රියාදාමයක් කරලා තියෙනවා කියන චෝදනාවක් කළොත් ඔහුව ගිහින් විමර්ශනයකින් තොරව අත්අඩංගුවට අරගෙන ඕනෑම කාලයක් නඩු ගොනු කරන තුරු රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න අවස්ථාව සඳහා වූ පනත හදලා කියනවා .දැන් පෝලිම්වල කවුරුහරි කෑගැහුවත් ඔහු ත්‍රස්තවාදියෙක් කරයිද දන්නෙ නෑ දැන් පෝලිම් වල ගිහිල්ලා හූ කියලා කෑ ගහන්න ගියොත් ත්‍රස්තවාදියෙක් කරන්න ලබන උත්සාහය එක පෙරනිමිති තමයි අද පාර්ලිමේන්තුවේ කතිකාවට ලක් වෙලා සම්මත කර ගන්න හදන්නේ .මේ තුනෙන් දෙක පාවිච්චි කරලා 20වෙනි සංශෝධනය අනුමත වීම තුළ රට මහා දැවැන්ත අර්බුදයක තියෙනවා. අපි මේ ඔලමොට්ටල ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට කියනවා තමුන්නාන්සේලා මේ පනත කියවන්න කියවලා බලලා මේ රටේ අනාගතය වෙනුවෙන් අත උස්සන්න කටයුතු කරනවද නැද්ද කියන කාරණය කියන්න.”
යනුවෙන් චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා අද විපක්ෂ නායක කාර්යලයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් පැවසීය .