ආණ්ඩුව රාජ්‍ය සේවකයන් පෞද්ගලික අංශයේ සේවකයන් සියළු දෙනාගේ අර්ථ සාධක තැන්පතු මත 25% අධිභාර බද්ධක් පැනවිමට කටයුතු කිරීම, සමගි ජන බලවේගය මැදිහත් වීමෙන් නතර කිරීමට හැකි වු බව පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසයි.

වැඩි දුරටත් පැවසු මන්ත්‍රිවරයා,

“මේ ආණ්ඩුව ගහන්න ගිය හොඳම ගේමක් සමගි ජනබලවේගයේ නායකත්වයෙන් බේරගත්තා. මේ රට ඉස්සරහට ගෙන ආපු රාජ්‍ය සේවකයන් පෞද්ගලික අංශයේ සේවකයන් සියළු දෙනාම රැකියා කරලා ඉතුරු වෙච්ච මුදල්වලට අවසානයේ ආණ්ඩුව අර්ථ සාධකයට ගහන්න ගිය ගේම අපි බේරගත්තා අපේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා ප්‍රමුඛ පක්ෂයේ සියලු දෙනාටත් අනිකුත් පක්ෂවල අයත් දායකත්වය ලබා දුන්නා ඒ සියළුදෙනාටම ස්තූතිය ස්තූතිය පළ කරනවා. හැබැයි අපි කියනවා හැම කෙනෙකුටම බොහොම ප්‍රවේශමෙන් ඇස් දෙක ඇරගෙන ඉන්න කොතනක හරි ගහන්න පුළුවන් මේ සල්ලි ටික දැකලා මොල හත අවේශ වෙලා ඉන්නේ. සමෘද්ධියට දුන්නා නියම ගේමක් ඒ අය කෝවිඩ් එක පාවිච්චි කරලා පන්දාහක් ගෙවන්න ඕන වෙද්දි සමෘද්ධියෙන් අරගෙන දුන්නා. සමහර බැංකු දැන් කරගන්න බැරුව ඉන්නවා සමහර නිලධාරීන්ට ඒ අයගේ අය විය යුතු දේවල් අය කර ගන්නත් බැහැ. ඒ වගේම සමෘද්ධිලාභීන්ට විශාල ප්‍රශ්න මතුවෙලා එය මේ මුදල් ආණ්ඩුව පැහැර ගත්ත නිසා කියන එකත් මතක් කරනවා. හැම මොහොතකම මුදලක් දැක්ක නම් ඒකට කොයි වෙලාවෙද ගහන්නේ කියලා බලන් ඉන්න නින්ද යන්නේ නැති ආණ්ඩුවක් බව” හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයා කියා සිටියේය .

ආණ්ඩුව හිරිකිත වැඩක් කළ බවද පැවසූ හෙකටර් අප්පුහාමි මන්ත්‍රිවරයා වැඩි දුරටත් කිය සිටිෙය්,

“පසුගිය දා හිරිකිත වැඩක් වුණා එය තමයි අපි ගොඩක් වෙලාවට තෙල් ගන්නේ ණයට හැබැයි මේ පාර ඉන්දියාව දෙනවා මතක විදිහට ටොන් හතළිස් දාහක් ඒ නැව එනකොට අපේ ඇමැතිවරු දෙන්නෙක් ගිහින් ඒ නැව පිලිගන්නවා එසේ කරල ඉන්දියාවට වැඳලා අනේ අපිට තෙල් ටික දුන්නට කියලා ඒ නැව පිළිඅරගෙන තෙල් බාරගන්නවා අනේ කොතනට අපි වැටිල තියෙන්නේ. මේ රටේ ගෞරවය කෙළෙසන මේ ඇමැතිවරු සහ ආණ්ඩුව කෙලසන්නේ මේ රටේ මුතුන්මිත්තෝ රැකපු ගෞරවය, අභිමානය, ප්‍රෞඩත්වය, ඒක සම්පූර්ණත්වය කෙළෙසලා ඉවරයි. එමනිසා ගම්මන්පිල අමාත්‍යවරයාට කියනවා ඔය වගේ ගොන් ඔලමොට්ටල වැඩ කරන්න එපා ගම්මන්පිල කරොත් කරන්නේ ඒ වගේ වැඩ ” බව මන්ත්‍රීවරයා පැවසීය .

මේ බව කියා සිටියේ අද(17) විපක්ෂ නායක කාර්‍යලයේ දීය