ආණ්ඩුව කාන්තාවන් අමතක කළ ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ අද (21) පැවති මාධ්‍ය හමුවේ දීය .

වැඩි දුරටත් සදහන් අදහස් දැක්වු එරාන් වික්‍රමරත්න මහතා

අපේ රටේ ජනගහනයෙන් බහුතරයක් සිටින්නේ කාන්තාවන් එය 52% ගිය වසරේ අයවැයේදී 0.8% විතර පමණයි කාන්තාවන්ට වෙන් කරපු මුදල් තිබුණේ එය බොහොම අඩු ප්‍රතිශතයක් මේ පාරත් ලොකු වෙනසක් නැහැ එහෙම්ම තමයි කාන්තාවන්ට දෙන තැන ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේ රජය මේ ආණ්ඩුව කාන්තාවන්ට සලකන විදිය ගැන.

මාර්ග හදන්න සල්ලි තියෙන රටේ 52% කාන්තාවන් ගැන අමතක කරලා ගෙදර වියදම අහස උසට තියෙන්නෙ ඒ ගැන අපිට වැඩිය කාන්තාවන් දන්නවා නමුත් බඩු මිල වැඩි වෙනකොට උද්ධමනය කියලා කියනවා එය සාමාන්‍යයෙන් මනින්නෙ අවුරුද්දකට සැරයක් හැබැයි නිකන් බැලුවොත් ගිය මාසයයි මේ මාසයයි අතර බඩු මිල වෙනස බැලුවොත් බෝංචි කිලෝ එකක් රුපියල් 380 ගිය මාසයේ 197 එහිදී වැඩිවීම ගණනය කරලා බැලුවොත් 100%ක් මාසයක් තුළ වැඩි වෙලා ගෝවා මිල ගත්තොත් 96 තිබුනේ දැන් 132 ට ඉහළ ගිහින් එය 40%/ 50% ක් අතර කැරට් රුපියල් 92ට තිබුණේ දැන් 100% ටත් වැඩිය මිල ඉහළ ගිහින් තක්කාලි මිල 66න් දැන් රුපියල් 310 කට වැඩිය මිල ගිහින් එය මාසයක් තුළ හතර ගුණයකින් මිල වැඩි වෙලා රතුළුණු 215 ඉඳලා 292 දෙකට මිල ගිහිල්ලා ඒ වගේම අල 132 රුපියල් 202 ඉහළ ගිහින් අමුමිරිස් 112 ඉඳලා 127 ඉහළ ගිහින් ඒ වගේ හාල් ගැනත් කතා කරන්න පුළුවන් අපි දන්නවා මිල ඉහළ ගිහින් විතරක් නෙමෙයි බඩු ගන්න පෝලිමේ ඉන්නත් වෙලා ඒ වගේම අපි දන්නවා ගෑස් එක කොච්චර වටිනවද කියලා එයා රුපියල් 1000 මිල ඉහළ ගියා පස්සේ එක පාරටම ගෑස් හිඟයක් ඇති කළා මෙහිදී පෝලිමක් ඇති වුණා මුදල් ඇමැතිතුමා කිව්වා පෝලීම් දැකලා නැහැල්ලු පෝලිමක් තියෙනවා නම් බඩු තියෙනවා ඒක නිසා පෝලිම් තියෙන්නෙ කියනවා මේ රටේ මුදල් ඇමැති කියන්නේ එතකොට පෝලිම් වල ඉන්නේ බැනපු මිනිස්සුමයි මිල ඉහළ ගිය ගියා කියලා .නමුත් එක අතකින් තියාගෙන ඉන්නේ ගෑස් සිලින්ඩරය අනිත් අතේ තියාගෙන ඉන්නේ සල්ලි ඒකයි පෝලිමේ ඉන්නේ ඒ කියන්නේ කොච්චර බැන්නත් සල්ලිත් තියෙනවා බඩු නැහැ ඉස්සෙල්ලා මිල ඉහලට ගිය එක ගැනයි කතා කළේ දැන් සල්ලි තිබුණත් බඩු නැහැ.

ඉතිහාසයේ පළමු වතාවට තෙල් පිරිපහදුව වහල දාලා එය ලොකු ප්‍රශ්නයක් නමුත් කුස්සියට එය බලපාන්නේ කොහොමද? භූමිතෙල් පාවිච්චි කරනවා නම් එය ලැබෙන්නේ තෙල් පිරිපහදුව හරහා එහිදී භූමිතෙල් ලැබෙන්නේ නැහැ පිටරට ඉඳලා ආයෙත් වෙනම ඩොලර් ගෙවල ආනයනය කරන්න සිදුවෙනවා. භූමිතෙල් ලිපකින් උයනවා නම් ගැටලුව දැන්මම දන්නවා.

අද කාන්තාවන්ට තැනක් නැහැ අපි දන්නවා 1977 ආණ්ඩුව තමයි පලමු වතාවට කාන්තා අමාත්‍යංශයක් ඇති කළේ එහිදී කාන්තාවට වැදගත් තැනක් දුන්නා ඒ විතරක් නෙමෙයි 2016 දී අපි දේශපාලනයේ ඉන්න කාන්තාවන් ප්‍රමාණය අඩු නිසා එය වැඩි කරන්න ඕන කියලා නීතියකුත් ගෙනල්ලා පළාත් පාලන ආයතන වලට කාන්තා නියෝජනය 25%ක් නීතියෙන් නියම කළා .සමහර දේවල් ස්වභාවික වෙනස් වෙන්නෙ නැත්නම් අපි නීතියෙන් වෙනස් කරන්න ඕන.
අවුරුදු හැට දෙකකට උඩදී ලංකාවෙ තමයි පලවෙනි අගමැති පත් වුණේ එය කාන්තාවක් එහිදී ලොකු වෙනසක් වුණේ නැහැ අද පාර්ලිමේන්තුවේ ඉන්නෙත් 5% යි 225 එන කාන්තාවන් ඉන්නේ 12 යි එහි දී කාන්තා නියෝජනය වැදගත් වෙනවා. ඊයේ පාර්ලිමේන්තුවේ කතාවක් ඇහුවා. පාර්ලිමේන්තුවට සමහර මන්ත්‍රීවරු පලවෙනි වතාවට ඇවිල්ල තියෙන්නෙ මම දන්නෑ එහෙමද ඒගොල්ලෝ කතා කරන්නේ පළාත් පාලන පළාත් සභා තුළ ඒ භාෂාව ද දන්නෑ පාර්ලිමේන්තුවටත් ඇවිත් පාවිච්චි කරන්නේ. මොනවද ඒ අය ඇවිත් කරන්නේ ලිමේන්තු සම්ප්‍රදායන් දන්නේ නැහැ. හැසිරීමේ ක්‍රමවේද දන්නේ නැහැ ඒ ගොල්ලන් පරුෂ වචන පාවිච්චි කරමින් කතා කරනවා එහිදී කාන්තාවන්ට අපහාස කරනවා මම දැක්කා මන්ත්‍රීවරු දෙන්නෙක් අතර වාද විවාදයක් එක මන්ත්‍රීවරයෙක් ඇවිත් කිව්වා පොහොට්ටුවේ මන්ත්‍රී කිව්වා කාන්තාවන්ට හිංසා කරා කියලා එහිදී ඔහු කියනවා මම හිංසා කරා නම් මම යනවා කියලා කෑ ගැහුවා ඊට පස්සේ ඒ වාද විවාද යයි ඒ පිරිමි දෙන්නෙක් අතර එකෙක් කියනව අනෙ පිරිමි යට කාන්තාවන්ට අපහාස කරානම් අස්වෙන්න කියලා මේ මිනිස්සුන්ට එච්චර මොළයක් නැහැ කාන්තාවන්ට අපහාස කරාද නැද්ද කියලා තීරණය කරන්න ඕන පිරිමි නෙමෙයි ගැහැණු තීරණය කරන්න ඕන. අද සමාජ ජාලය බැලුවොත් කාන්තාවන් කතා කරලා කියනවා අපිට පහස කරා නින්දා කරා කියලා පිරිමි මන්ත්‍රීවරුන් ඒ අය අතරෙන් විවාද යන්නේ ඒක තීරණය කරන්න ඕන කාන්තාවන් කතානායකතුමා විතරක් නෙමෙයි කොච්චර අපහාසයක් කරාද කියලා . ඒ අය ගමේ ඉන්නෙත් එහෙම වෙන්න ඇති කාන්තාවන්ට සලකලා එහෙම වෙන්න ඇති ඒක පාර්ලිමේන්තුව ඇතුලට ගෙනල්ල කාන්තාවන්ට සලකන විදිය.

සමගි ජනබලවේගයේ අපි තීරණයක් අරන් තියෙනවා කාන්තා නියෝජනය ප්‍රාදේශීය සභාවේ විතරක් නෙමෙයි පළාත් සභාවෙන් ඒක වෙනස් කරලා පාර්ලිමේන්තුවෙත් නීතිය ම වෙනස් කරන්න එහිදී 25%ක් පාර්ලිමේන්තුවටත් ගෙන්න අපි කටයුතු කරනවා නැත්නම් එය වෙනස් කරන්න බැහැ ඔවුන් ඉන්න ඕන කාන්තාවන්ගෙ වටිනාකම ඔය පිරිමින්ට තේරෙන්නේ නැහැ. මේ රටේ විශාල දායකත්වයක් දක්වන කාන්තාවන් ඉන්නවා අපි නිදහස් වෙළද කලාප වලට ගියොත් ඇඟලුම් ක්ෂේත්‍රයට ගියොත් 80% වැඩ කරන්නේ කාන්තාවන් පිටරටවල ඉඳලා අපට ලැබෙන ඩොලර් සදහා ඒ දායකත්වය ලැබෙන්නේ අපේ කාන්තාවන්ගෙන් එයට අපි සලකන්න ඕන විශ්වවිද්‍යාලයට ගියොත් අද 50% කට වැඩිය උපාධිධාරීන් ඇවිල්ල මේ රටේ කාන්තාවන් ඒක හුඟක් හොඳ දෙයක් හැම විශ්ව විද්‍යාලයකම වගේ හැම පීඨය කාන්තාවන් තමයි වැඩි ප්‍රතිශතයක් තියෙන්නේ .නමුත් රැකියාවට ආවම එහෙම නෙමෙයි අද අඩු පඩි ලබන විදේශ රැකියා වලට වැඩියෙන්ම යන්නේ කාන්තාවන්. මැදපෙරදිග යන්නේ කාන්තාවන්. ඒ අයගේ දායකත්වය ඒ අය ඩොලර් එක මේ රටට එවීමෙන් තමයි අපේ අපනයන ආනයන පරතරය අඩු කරගන්න පුලුවන් උනේ කාන්තාවන් නිසා. මම දන්නේ නැහැ ඒකවත් මුදල් ඇමැතිට තේරුණාද කියලා මේ දායකත්වය කොහෙන්ද ආවෙ කියලා අපනයන පිටරටවල වැඩි කරල ලංකාවට එන ප්‍රේෂණ වැඩියෙන්ම එන්නෙ කාන්තාවන්ගෙන් දායකත්වය ඒකටවත් සැලකිල්ලක් මේ අයවැය තුළ නැහැ.

රාජ්‍ය සේවයේ කළමනාකාරිත්වය ගැන අද අපි කතා කරොත් ගුරු සේවය ගත්තත් වැඩියෙන්ම ඉන්නේ කාන්තාවන් පාසල් වල 85% ක් ඉන්නේ කාන්තා ගුරුවරියන් අපිට ඒ දායකත්වය පෙන්වලා තියෙන්නෙ කාන්තාවක් මොකක්ද මේ කරලා තියෙන්නේ ගුරුවැටුප් වලට පාරට එළියට ආවාම එහෙම ආවෙත් කාන්තාවන්. ගෙදර ජීවන බර වියදම ගෙනියන පුද්ගලයන් නිකම් පාරට බහින්න බහින්නේ නැහැ .මේ පීඩනය නිසා තමයි මේ අය පාරට බැස්සේ කාන්තාවන්ගේ දායකත්වය විශාල ලෙස තියෙනවා. අපි මේ අයවැය මොනවත් කරල නැහැ.

ව්‍යවස්ථාව ගැන කතා කරත් කාන්තාවන්ගේ සම අයිතීන් ගැන තියෙනවා එතකොට සම අයිතියෙන් ව්‍යවස්ථාවේ තියෙද්දි අපි දන්නවා කාන්තා ගිවිසුම් තියෙනවා ඒවාට අපි අත්සන් තබා තියෙනවා නමුත් ඒ වැඩපිළිවෙළ සිදු වෙන්නේ නැහැ මොනවද මේකෙන් අයවැය කාන්තාවන්ට තියෙන්නේ තිබුණු එකක් නැහැ තියෙන තිබුණේ අපි දන්නවා රටේ අවංක වුනොත් එකම රැකියාව කරනවා නම් පිරිමියෙක් කෙ⁣නයි කාන්තාවන් නමුත් සම පඩියක් ලැබෙන්නේ නැහැ ඉතින් මුදල් ඇමතිතුමා අය-වැයක් හදනකොට රජය කාන්තාවන්ව සලකනවනම් පිරිමියෙක් ගානට සමාන කරනවා නම් ඔබට ඉන්නවනම් පුතෙක් දුවෙක් වෙනසක් තියෙනවද දුවයි පුතයි එක හා සමාන කියලා තේරෙන්නේ නැත්නම් හිතලා බලන්න පුළුවන් ඉතුරු ටික මොනවද වෙන්නේ කියලා සම පඩියක් ලැබෙන්න ඕන එකම රැකියාව කරනවා නම් මේ ආණ්ඩුවෙන් එයට කිසිම සැලකිල්ලක් නැහැ කිසිදු සැලැස්මක් නැහැ .ඒ අයට එහෙම සැලකිල්ලක් ලැබෙන්නේ නැහැ.

වැඩ කරන මුළු සමූහය බැලුවත් කාන්තාවන්ගේ දායකත්වය 35%ක් පමණයි තියෙන්නේ ඇත්තටම එය අපි වැඩි කරන්න ඕන එහිදී සාමාන්‍යයෙන් වෙන්නේ පුද්ගලික අංශයේන් සම්මුඛ පරීක්ෂණයකට කාන්තාවන් 05 ක් ඇවිත් පිරිමි අය 10ක් ආවොත් වෙන්නේ පිරිමි අයට තමයි එක දෙන්නේ එයට එක හේතුවක් තියෙනවා කාන්තාවන්ගේ ඉගෙනුම අධ්‍යාපනය වැඩි වෙන්න පුළුවන් නමුත් රැකියාව දෙන්නේ පිරිමි ඉල්ලුම්කරුවන් එයට හේතුව ඇය තරුණියෙක් විදියට ආවම කලක් යනකොට විවාහ වෙනවා එහිදී ප්‍රසූත නිවාඩු ලබනවා එහිදී කාලෙකට රැකියාවට එන්න බැහැ ඒක ඒ සමාගමට හෝ කොම්පැනියට වියදමක් හැටියට සලකනවා එමනිසා සමාගම විසින් පිරිමි අය බඳවා ගන්නවා නමුත් අපි කාන්තාවන් අගය කරන්න ඕන කාන්තාවක් නැත්නම් අපිට දුවෙක් පුතෙක් නැහැ ස්භාවික දෙයක් ප්‍රසූත නිවාඩු වලට වියදමක් රජයට වියදම් ඕන සමගි ජන බලවේගය ආණ්ඩුවක් තුළ අනිවාර්යෙන්ම අපි එය නිවැරදි කරනවා පුද්ගලික අංශයට අපි උපකාර කරනවා ඒ වියදමෙන් කොටසක් රජය බාරගන්නවා අපිට කාන්තාවන් ශ්‍රම බලකායට එකතු කරගන්න ඕන ඒ අයට අධ්‍යාපන හැකියාවක් ව්‍යසායකත්වය තියෙනවා ඒ අය අපි පාවිච්චි කරන්න ඕන මේ රට ඉදිරියට ගෙනියන්න කාන්තා දායකත්වය වැඩි කළ යුතුයි ඊට වැඩි මුදලක් වැය වෙන්නේ නැහැ මේ දේශපාලනය කරන්න බිලියන ගණන් නාස්ති කරන රජයයන් මේ රටේ කාන්තාවන්ට අත දුන්න නම් ප්‍රසූත නිවාඩු වලට තියෙන වියදම අයවැය හරහා දුන්න නම් පුද්ගලික අංශයට කාන්තා දායකත්වය අනිවාර්යයෙන්ම වැඩි වෙනවා මේ රටේ ඒ වගේම දළ දේශීය නිෂ්පාදනයට එය ලොකු දායකත්වයක් වෙනවා නමුත් ඒක කළෙත් නැහැ .ඒකෙ තියෙන ප්‍රශ්නය අයවැයෙන් සම පඩි ලැබුණෙත් නැහැ ප්‍රසූත නිවාඩු වලට තිබෙන පුද්ගලික අංශයට ආධාරයක් දුන්නෙත් නැහැ දරුවන්ට පහසුකම් දෙන්න තිබුණා ඒවා දුන්නෙත් නැහැ අම්මා කෙනෙකුට කුඩා දරුවෙක් ඉන්නවනම් අම්මත් රැකියාවකට යනවා නම් දරුවන් බලාගන්න ඕන ඒ වගේම අම්මා රැකියාවක් කරන්න ඕන නැත්නම් ගෙදර තමයි ඉන්න වෙන්නෙ ඊට වැඩිය හොඳයි රැකියා වට යනවනම් අපි ආණ්ඩු කරන කාලයේ නීතිමය අයිතියක් ගෙනාවා කාන්තාවට මවුකිරි දෙන්න පුළුවන් වෙන්න වැඩ කරන ගමන් එය තවත් ඉස්සරහට ගෙනියන්න මේ රට තිබුණා අයවැය මේවා කරන්න තිබුණා වැඩ කරන තැන් වල මධ්‍යස්ථාන හදන්න දරුවව එතන තියෙන වැඩට යන ගමන් දරුවන් බලාගන්න ආරක්ෂාව සහිත පරිසරයක හදන්න තිබුණා එවැනි කිසිම යෝජනාවක් අයවැයේ තිබුණේ නැහැ .

කාන්තා ව්‍යයසායකයින් ගොඩක් අපිට කතා කළා ඔවුන්ගේ අදහස් තිබුණේ කාන්තාවන්ගේ නිෂ්පාදන අපනයනය කරන්නයි නමුත් ඔවුන්ට ප්‍රශ්නයක් තියෙනවා ඉඩකඩම් බොහොමයක් අයිති පිරිමි අයට නිසා කාන්තාවන්ට එතනත් අසාධාරණයක් වෙලා තියෙනවා රටේ පරණ නීති තවම වෙනස් කරල නැහැ එහිදී ඒ අය කිව්වා 85% ක් ඉඩම් අයිති පිරිමින්ට නම් අපට ව්‍යාපාරය වත් ලියා පදිංචි කරන්න බාධාවක් තියෙනවා කියලා මේ රජය ඉඩමේ අයිතිය ටවත් පිළිතුරක් දීලා නැහැ නිවසේ අයිතියට පිළිතුරක් දීලා නැහැ ඇයි පිරිමි පවුලේ ඉන්න පිරිමි දරුවාට ඒක ඉබේම ටම ලැබෙන අයිතියක් එහෙම වෙන්න බැහැ කාන්තාවන්ට සම අයිතීන් තියෙන්න ඕන මේ අයවැයෙන් වත් රජයේ ප්‍රතිපත්ති වලින් වත් සම අයිතියක් කාන්තාවන්ට දී නැහැ එම නිසා අපි කියනවා මේ ගැන මුදල් ඇමති තුමා දැන්වත් හිතන්න ඕන එසේ හිතන දැනුම වෙනස් කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.