මැතිවරණයට පෙරාතුව රටේ ජනතාව අතර භේදභින්න ඇති කළ ආණ්ඩුව අද එයින්ම එයින් ම විනාශයට පත්වෙමින් සිටින බවද ඒ මහතා පැවසීය.

නැති බැබැරි කම මෙන්ම මන්ද පෝෂණය ද ඉහවහා ගිය රටක් මේ වන විට නිර්මාණය වී ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා, රටේ දූ දරුවන්ගේ ඔන්ලයින් අධ්‍යාපනයට විසදුමක් දෙන්නට බැරි ආණ්ඩුව මන්දපෝෂණයට විසඳුමක් දෙන්නේ කෙසේදැයි ප්‍රශ්න කළේය.
ජාතික පෝෂණ ප්‍රතිපත්තියක අවශ්‍යතාවය අන් කවරදාටත් වඩා දැඩිව මේ දිනවල දැනෙමින් පවතින බව පැවසූ විපක්ෂ නායකතුමා, සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ එය අනිවාර්යයෙන් ඉටු කරන බවද පැවසීය.

නවීන තාක්ෂණය සමග සුහුරු කුසලතාවයකින් පිරි දරු පරපුරක් උදෙසා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නූතනවාදී සංකල්පයක් ලෙස “ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක පරිත්‍යාග කිරීමේ නියමු ව්‍යාපෘතිය, “සක්වල” 8වැනි අදියර ඊයේ (08) ආරම්භ විය.

“දේශයේ දරුවන්ට සුහුරු ලොවක දෑත් ඔසවනු පිණිස ක්‍රියාත්මක”සුහුරු පන්ති කාමර සඳහා පරිගණක තාක්ෂණික පුවරු” සහ නවීන පරිගණක පරිත්‍යාග කරන වැඩසටහනක් වන “සක්වල” වැඩසටහනෙන් රුපියල් හත්ලක්ෂ පනස්දහසක් (රු.750,000) වටිනා සුහුරු පන්තිකාමර සඳහා ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක උපකරණ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මන්නාරම එරුක්කලම්පිඩ්ඩි මහලීර් මුස්ලිම් විද්‍යාලයට පරිත්‍යාග කිරීම අද (08) සිදුවිය.

විපක්ෂ නායකතුමා ඉහත අදහස් දැක්වීම සිදු කලේ එම උත්සවයේදී ය.