ජනාධිපති ලේකම් ඇතුළු විවිධ අමාත්‍යාංශය වල ලේකම්වරුන් හා සභාපතිවරුන් ඉවත් කරමින් ආණ්ඩුවේ අසාර්ථකත්වය ඔවුන්ට භාර දීමට ආණ්ඩුව උත්සහ කළත් එය සාර්ථක නොවන බවත් “හිසරදයට කොට්ටය මාරු කරනවා වගේ නිලධාරීන් මාරු කරලා” ඵලක් නැති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පැවසීයි .
අද (28) විපක්ෂ නායක කාර්යලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා.
“අද බොහෝ මාධ්‍ය වාර්තා කර තියෙනවා මාධ්‍ය ප්‍රධානීන් අමතමින් ජනාධිපතිවරයා කරපු ප්‍රකාශ. එතුමා කියනවා අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු සංස්ථා සභාපතිවරුන් බහුතරයක් අසාර්ථකයි කියලා. වැඩ කිරීමේ දී ප්‍රායෝගික නැහැ කියනවා. ඇමැතිවරුත් නිලධාරීන්ට තර්ක කර කර ඉන්නවා විතරයි මගේ වැඩපිළිවෙළ ජනතාව අතරට ගිහින් නැහැ කියනවා. ඒ වගේම මහාචාර්යවරුන් පත්කරපු තැන්වල ද අසාර්ථක වී තිබෙන බව ජනාධිපතිවරයා සඳහන් කරනවා. එම තැන් වලට දේශපාලඥයින් පත් කළේ නම් වඩාත් හොඳ බව ද ජනාධිපතිවරයා පවසා තිබෙනවා.
අද අපට පේන්න තියෙනවා ආන්ඩුවේ සියලුම නොහැකියාවල් හා අසාර්ථක බව නිලධාරීන් පිට යවලා අත පිහිද ගන්න පුළුවන්ද කියලා ආණ්ඩුව උත්සාහ කරන බව එය හිසරදයට කොට්ටය මාරු කරනවා වගේ නිලධාරීන් මාරු කරන බව පැවසීය .
ආණ්ඩුව බලයට පත්වෙන විට කිව්වේ ආචාර්ය මහාචාර්යවරු වගේ අය විවිධ විෂයයන්ට විශේෂ දැනුම තියෙන අය උගතුන් බුද්ධිමතුන් පත් කරනවා කියලා තමයි මුලදී වැඩ පටන් ගත්තේ. විද්‍යාත්මක පදනමක් යටතේ තමයි සියළු දේවල් කරන්නේ කියලා පුරසාරම් දොඩවලා බලය ගත්තේ. අවුරුදු දෙකකට පස්සේ තමන්ගේ අසාර්ථකම වහගන්න ආචාර්ය මහාචාර්යවරුන්ට, උගතුන්ට බුද්ධිමතුන්ට, අසාර්ථකයි කියනවා. අමාත්‍යාංශ ලේකම්වරුන් අසාර්ථකයි කියන බව පැවසීය “
l