ලංකාවේ කොරෝනා ව්‍යාප්ත වීම නිසා මිනිස් ජිවිත 13500ක් රටට අහිමි වී ඇති බවත් ලංකාවේ ආර්ථිකය විශාල ලෙස කඩා වැටි අති බවත් කොරෝනා ව්‍යාප්තිය මැඩපැවැත්වීමට රුපියල් බිලියන ගණනක් වියදම් කළ තිබෙන බවත් එම මුදල් බදු ගෙවන අහිංසක ජනතාවගේ බව පවසන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා කියා සිටියේ ලංකාව ලෝකයේ නිරෝධායන මධ්‍යස්ථානයක් වී ඇති බවයි.
ඔහු මේ බව හෙළි කළේ අප්‍රෙල් 24 බව මන්ත්‍රීවරයා කියා සිටියේය .වෙනත් රටවල ශ්‍රමිකයන් සිංගප්පූරුව , ඩුබායි රාජ්‍ය සේවය කිරිම සදහා යාමට ලංකාවට පැමිණ නිරෝධායන වන බවත් මෙමගින් රජයේ බලධාරින්ගේ හා නිළධාරීන්ගේ සාක්කුවට මුදල් ගලා එන බවද කියා සිටියේය
මෙයට හේතු වී ඇත්තේ එම රටවල් වලට ඇතුළු වීමට නම් වෙනත් රටක නිරෝධානය වී පැමිණිය යුතු බවත් එම නිසා ශ්‍රමිකයන් ලංකාව තෝරා ගෙන ඇති බවය.
ඔහු කියා සිටියේ මෙරට නිරෝධායනය සදහා පැමිණි පුද්ගලයකුගෙන් ඩොලර් 690ක් ලබා ගන්නා බවයි .
ඔහු පෙන්වා දෙන්නේ නිරෝධායන වීම සදහා මෙරටට පැමිණෙන පුද්ගලයන් ලංකාව පුරා සංචාරය කරන බවත් එමගින් ඉදිරියේදී ඩෙල්ටා ප්ලස් ව්‍යාප්ත විය හැකි බවය.
මේ සම්බන්ධයෙන් ආණ්ඩුව ඇතුළු බලධාරීන් නිහඩ පිළිවෙතක් අනුගමනය කරන බව කවින්ද ජයවර්ධන මහතා කියා සිටියේය.