ආණ්ඩුවට ජනතාවගේ හා රටේ ප්‍රශ්න විසදිය නොහැකි නම් ආණ්ඩුව කළ යුත්තේ ඉල්ලා අස්වීම බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පවසයි.
ඔහු වැඩි දුරටත් කියා සිටියේ ,
“ඇතිවෙලා තිබෙන තත්ත්වයට විසදුමක් නැතිනම් කළයුත්තේ කුමක්ද රටේ ජනතාව ඉල්ලා සිටින පරිදි ආණ්ඩුව බාරදෙන එකයි සමගි ජන බලවේගය විදියට පැහැදිලිව ආණ්ඩුවට කියනවා ගෝල්ෆේස් පිටියට රැස්වෙලා නගන විරෝධය හා ලංකාවේ දීපව්‍යප්තව ජනතාව නගන හඩට කන්දෙන්න යැයි මන්ත්‍රීවරයා කියා සිටියේය .
19 ගෙනත් විධායක බලතල අඩු කරන්න
එහි පලමු දේ විදියට 19 ව්‍යවස්ථා සංශෝධනය වහාම ගෙන්න එය බලාත්මක කරන්න ආණ්ඩුව ක්‍රියාකළ යුතුයි එය මේ සතියේම පාර්ලිමේන්තුවේ සම්මත කර යුතුයි .ජනාධිපති බලය අඩු කිරීමට කටයුතු කර යුතුයි . ඒ සදහා සමගි ජන බලවේගය ක්‍රියාකරමින් සිටින බව මන්ත්‍රීවරයා පැවසීය .
තව දුරටත් කියා සිටියේ ,
“පාර්ලිමේන්තු මොකුත් කරන්නේ නැහැ කියලා ජනතාව දොස් නගනවා .එය නිවැරැදියි එම නිසා 19 ගෙන ආ යුතුයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර යුතුයි එයට මූලික කෙටුම්පත් සකස් කිරීමට පක්ෂ නායක කණ්ඩායමක් පත් කර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න එම මූලික පියවර අනුගමනය කලයුතුයි.එයට අවතීර්ණ වෙනවානම් ආණ්ඩුව සාධනීය වැඩපිළිවෙළකට එන්න සූදානම් බව කියන්න පුළුවන් එහෙම නැතුව ජනතා හඩ ගන්න ගන්නේ නැතුව උද්දච්ච විදියට යන බවක් අපිට හිතන්න වෙනවා. එම නිසා නැවත 20 අහෝසි කරලා 19 ට එන්න අවශ්‍යයි ඒ වගේම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න පාර්ලිමේන්තු කණ්ඩායමක් සකස් කර කමිටුවක් පත් කර යුතුයි එය මේ සතියේම කළ යුතුයි .”
“එහිදී මේ ප්‍රශ්න වලට මුහුණ දීමට අන්තර් පාලනයකට යන්න පුළුවන් එයට අවතීර්ණ වෙන්න මූලික වෙනස් කිරීම් කර යුතුයි එම නිසා තවදුරටත් කඹ අදින්නේ නැතුව නෑසුනාසේ නිහඩවෙලා වැඩක් නැහැ ජනතා හඩට කන් දෙන බව පෙන්විය යුතුයි.එයට වැඩපිළිවෙළක් සකස් කරන්න කියලා ආණ්ඩුවේ නායකයින් ගෙන් කතා නායකතුමා ගෙන් ජනාධිපති ඇගමැති වරයාගෙන් ඉල්ලා සිටිනවා එසේ වුවහොත් අපිට පුළුවන් පූර්ණ සහාය ලබා දී තාවකාලික අන්තර් පාලන කටයුත්තක් සදහා සහාය දෙන්න”
යනුවෙන් තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා කියා සිටියේය .
අද නව කැබිනට් මණ්ඩලය පිළිබඳ අදහස් දැක්වූ තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා ,
“අලුත් කැබිනට් මණ්ඩලය පත් කරනවා කියන්නේ හිසරදයට කොට්ටේ මාරු කරනවා වගේ වැඩක් දින ගානක් තරුණ තරුණියන් කියන දේ තේරුම් නොගෙන සාර්ථක වෙනසක් වෙයි කියලා හිතන්න අමාරුයි .අද වෙනකන් කිසිදු වැඩපිළිවෙළක් නැහැ .”
මේ බව කියා සිටියේ අද සමගි ජන බලවේග ප්‍රධාන කාර්යලයේ දීය .
සටහන – CJ