වත්මන් රාජපක්ෂ ආණ්ඩුවට රටේ ජනතාවගේ කැමැත්ත 6% ට අඩු වී ඇති බව සමීක්ෂණ වලින් හෙළි කර ඇති බව සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි .

ඔහු වැඩි දුරටත් කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති කරවීමට කටයුතු කළ පිරිස ඇද වන විට ආණ්ඩුවේ ඇමැතිකම් දරමින් ආණ්ඩුව විවේචනය කරමින් සිටින බවත් ඔවුන් උත්සාහ කරන්නේ නැවත ජනතාව රැවැට්විමට බව ද, මන්ත්‍රීවරයා පවසා සිටියේය .

ජනවාරි මාස 15 දින ස්වාරිත්ව බැදුම්කර ණය සදහා ඩොලර් මිලියන 500ක් ගෙව්වේ කාටද යන්න හෙළි කරන ලෙස මුදල් ඇමැතිවරයාට හේෂා විතානගේ මන්ත්‍රීවරයා අභියෝග කළ සිටියේය .

ආණ්ඩුවට වර්තමාන අර්බුදය විසදීය නොහැකි නම් ලෝකයම පිළිගන්නා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට රට භාර දෙන ලෙස ද, මන්ත්‍රීවරයා ආණ්ඩුවට කියා සිටියේය .

සටහන – CJ