වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට එල්ල වී ඇති අල්ලස් චෝදනාවක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පරීක්ෂණයක් පවත්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ගුවන් සේවා අමාත්‍යංශය පෞද්ගලික ආයතනයක් සමග සිදු කළ ගනුදෙනුවක් සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා ඊයේ (ජූලි 5) පාර්ලිමේන්තුවේ දී නැගු චෝදනාව පිළිබඳව වහා ම විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙසට ජනාධිපතිවරයා නියෝග කර ඇති බව ය.

ඒ අනුව, පරීක්ෂණ කටයුතු නිම වන තෙක් අමාත්‍ය ධූරයෙන් තාවකාලිකව ඉවත් වීමට නිමල් සිරිපාල ද සිල්වා මහතා කටයුතු කරනු ඇති බව එම නිවේදනයේ වැඩිදුරට ත් සඳහන් වේ.

මවම පරීක්ෂණය නිඋසි ලෙස සිදුකරගෙන යෑමට ඉඩ සලස්වා තමන් අමාත්‍ය ධූරයෙන් වහා ම ඉවත් වන බව නිවේදනයක් නිකුත් කරමින් නිමල් සිරිපාල ද සිල්වා මහතා දැනුම් දී තිබේ.

balavegaya nimal siripala