ජනාධිපති කාර්යාලය අභියසින් අද ඉවත් වී යන බව අරගලකරුවන් ප්‍රකාශ කර තිබිය දී   එල්ල කළ මේ අමානුෂික, සාහසික ප්‍රහාරය පිළිබඳ සාධාරණ පරීක්ෂණයක් කැඳවා නීතීය ක්‍රියාත්මක කරන ලෙස රනිල් වික්‍රමසිංහ රජයට බල කිරීමට පෙළ ගැසෙන්නැයි කොළඹ අග රදගුරු මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් ජාත්‍යාන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටිති.

මේ නින්දිත ප්‍රහාරය  හේතුකොට ගෙන අනාගතයේ යම්කිසි අනර්ථකාරී සිදුවීමක් වුවහොත් ඒ පිළිබඳ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මුලුමනින්ම වගවිය යුතු බව ද උන්වහන්සේ කියති.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ධූරයේ වැඩ භාරගෙන පැය විසි හතරක් යන්නට පෙර නිරායුධ  සිවිල් ජනතාවට එල්ල කළ   අමානුෂික හා නීති විරෝධී ප්‍රහාරය  මුළුමනින්ම හෙළා දැක ප්‍රකාශයක් නිකුත් කරමින් උන්වහන්සේ මේ බව දන්වා සිටිති.

කිසිම ජන අභිමතයකින් තොර නමුත් ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම සඳහා යැයි පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් පමණක් පත් වූ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ව්‍යවස්ථාවෙන් ජනතාවට ලබා දී ඇති ප්‍රකාශනයේ අයිතිය මුලුමනින්ම කඩ කර ඇතැයි ද එතුමෝ පෙන්වා දෙති.

එම ප්‍රකාශය පහත දැක්වේ.

balavegaya malkam kadinal