ලෝකය තුල ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ස්ථාපිත වීමට පෙර සම්මතයක් ලෙස පැවතුනේ පාලකයා විශ්වාස කරන දේ ජනතාව පිළිගත යුතු බවයි. අද ශ්‍රී ලංකාවේ පාලකයන් ද ප්‍රජාතන්ත්‍රවාදය පැමිණීමට පෙර තිබු තත්ත්වයට රට කරවන බව දක්නට ලැබේ. රාජපක්ෂවරුන් සිතනුයේ මේ රට ඔවුන්ට සින්නක්කර ඔප්පුවකින් පවරා ඇති බවයි.රටේ සියලු දේ සිදුවිය යුත්තේ ඔවුන් ගේ අදහස් උදහස් වලට අනුව බවයි .
දශක තුනක යුද්ධය නිමාවට පත්කිරීම තුල මුලු රටම ඔවුන් ට පැවරී ඇති බව සිතයි.රටේ සම්පත් රිසි පරිදි විකිණීමට පැවරීමට උරුමයක් ඇති බව ඔවුන් ගේ විශ්වාසයයි .
ඒ නිසා රාජපක්ෂවරුන් කරන කියන සියල්ල අනුමත කරන පාර්ලිමේන්තු මන්ත්‍රී පිරිසක් නාමික ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සදහා පාර්ලිමේන්තුව තුළ ක්‍රියා කරමින් සිටි .
ගෙවී ගිය වසර දෙක තුළ අප අත්වින්දේ එයයි .විසිවෙනි සංශෝධනය තුළින් ජනාධිපති බලතල වැඩි කර ගැනීම ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට පැමිණිමට අවස්ථාව ලබාදෙමින් මොළහතාණෝ පාර්ලිමේන්තුවට රැගෙන ඒම, ස්වාධීන කොමිසම්සභා ජනපති පාලනයට නතු කිරිමපාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය භාවිතා කරමින් කලු සල්ලි සුදු කරන පනත සමිමත කිරිම, වරායනගරය සෙලන්දිවා හරහා කරන කොළඹ විකිණීම යුගදනවි විකිණීම ආදිය තුළ දකින්නේ රාජපක්ෂ වරුන් ගේ කැමැත්ත රටෙි කැමැත්ත විය යුතු බවයි .
අතාතර්තික කාබනික පොහොර පිළිබඳව වු නාඩගම ගෑස් සංයුතිය වෙනස් කිරිම ද රාජපක්ෂ වරුන් ගේ උද්දචිජ මානසිකත්වය විදහා පෑමකි.අපි ගන්නා තිරන වලට තොප යටත්ය යන වැඩවසම් පාලනයකට රට යටත් කිරිමකි.මෙය හුදෙක්ම පුද්ගල ස්වාර්ථය නිසා ඇති කල වියවුලකි.
මෙි උමතුව දිනෙන් දින රට අවුලෙන් අවුලට ගෙන යමින් සිටි .රට බංකොලොත් රාජ්‍යයක් කරා යන බව ජාත්‍යන්තර මුල්‍ය ආයතන පෙන්වා දෙමින් සිටි .ජිනීවා මානව හිමිකම් කමිටුවේ රටට එරෙහිව යොජනා සමිමතයක් කොට තිබේ.යුරෝපා කොමිසම GSP+ ලබා දිම සලකා බලමින් සිටි.රටට අවශ්‍ය අත්‍යාවශ්‍ය දේ ගෙන්වා ගැනීමට ඩොලර් නොමැතිව අර්බුදයකට මුහුණ දි සිටි.
මෙම අර්බුදය විසදිමට සමත් විශ්වකර්මයා ලෙස මොලහතාණෝ පාර්ලිමේන්තුවට රැගෙන ආවේ මුල්ම අයවැයෙන් සියල්ල විසදන බව කියමින්.හතාණෝ පාර්ලිමේන්තුවට එන හැම දවසේම පාර්ලිමේන්තු ආලින්දයයට පැමිණ හොතාණෝ ගේ බෑග් සෙරෙප්පු උස්සාගෙන යන ඇමිබැටිට මන්ත්‍රී රැල පාර්ලිමේන්තුවේදි සභාව දෙවනත් කරමින් විපක්ෂයට කිවේ අයවැයෙන් සියල්ල විසදන බවයි .
පැය දෙකක් එක දිගට හිටගෙන නොව ඉදගෙනවත් අයවැය කතාව කරන්ඩ බැරි වු හතාණෝ අයවැය විවාදයට පවා සහභාගි නොවුනේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය රාජපක්ෂ වරුන් ට අදාල නොවන බව අවධාරණය කරමින් අයවැය විවාදය අතර ඉන්දියාවට ගියේ පිළිතුරු කතාවේදි ඉන්දීය ආණ්ඩුවෙන් ඩොලර් අරගෙන විරයෙක් වෙන්නයි.ඉන්දීය ආණ්ඩුව කලේ වැසිකිළි කෞතුකාගාරයකට රැගෙන ගොස් රාජපක්ෂවරුන් තිබිය යුතු තැන පෙන්වා දීමයි. හතාණෝ පාර්ලිමේන්තුවට රැගෙන එන පෙරමග සකසන විට වහල් මන්ත්‍රීවරුන් කිවේ සිවිල් යුද්ධය තුළ ඉන්දීය සහාය ලබාගැනීම පසුපස සිටියේ හතාණෝ බවයි. යුද්ධයේ වීරයා කලින් කලට වෙනස් කරන රාජපක්ෂ උපාය නිරුවත් වි තිබේ. මහින්ද යුද විරයා කල වුන් ගොඨා යුද විරයා කලේය.ඉන්පසු උත්සාහ කලේ හතාණෝ එතනට රැගෙන විත් මිලඟ ඡන්දයේ දි සිවිල් යුද්ධය විකුණාගෙන පවුලේ බලය රැක ගැනිමටයි. පැයක් හිටගන්ඩ බැරි ජනතාවට දෙන්න නොව ජනතාවගෙන් ගන්නට ඔනැයි කියන ජාත්‍යන්තරය තුළ වැසිකිළි පෙන්වන්න පමණක් සුදුසු හතාණෝ පුදන කොටම කාපි යකා තත්ත්වයට පත්වීම රාජපක්ෂ වරුන් ගේ හිස්බව උද්දචිච බවට හොදම නිදසුනක් මේවා මස්කටු ලෙවකන වහල් මන්ත්‍රී ඇමිබැටිටයනට නොතේරිම උන්ගේ නොව රටේ ජනතාවගේ අභාග්‍යයකි.
රාජපක්ෂවරුන්ට දැන් ඇති එකම මග මර්ධනය යි. මාධ්‍ය, වැඩකරන ජනතාව, ගොවියා, ශිෂ්‍ය පමණක් නොව පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ට අපහාස කිරිම පහර දිම දක්වා දියත් කල මර්ධනය පාර්ලිමේන්තුවේ වාරඅවසානයක් තෙක් දිව ගොස් තිබේ. ජනාධිපති මේ වරාඅවසානය කලේ ඇයි? මේ නිසා පාර්ලිමේන්තුවේ සියලුම කාරකසභා අහෝසි වේ. සිනිවංචාව දත්ත මගඩිය ඇන්ටිජන් මගඩිය ගෑස් පිපිරවිම වැනි ක්‍රියාදාමයන් රැසක් ගැන පාර්ලිමේන්තුවේ සිදු කල කමිටු ක්‍රීයාකාරකම් නතරවෙයි .
පසුගිය කාලය තුළ රාජපක්ෂ වරුන් ට පාර්ලිමේන්තුව තුළ ලොකුම හිසරදය වුයේ සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමයි .එමෙන්ම කෝප් කමිටුව පොදු ව්‍යාපාර කමිටුව තුල සමගි ජන බලවේගයේ මැදිහත් විමයි.මේවා වෙනස් කිරිමට රාජපක්ෂ වරුන්ට ඇත්තේ අසිමිත උවමනාවකි. මන්ද ඔවුන් පාර්ලිමේන්තුව විශ්වාස නොකරන විරයන් මවමින් විරයන් විශ්වාස කරන ජාතියක් ගොඩ නැංවිමට උත්සාහ දරන පිරිසක් නිසයි. එවනි සමාජයක් තුල හිට්ලර් පාර්ලිමේන්තුව ගිනිබත් කරන විට ජර්මන් ජනතාව දුටුවේ ද එය නිවරැදි තිරනයක් ලෙසයි. අද සමහරු රාජපක්ෂ වරුන් ට හිට්ලර් වන ලෙසත් ඔනවට වඩා ප්‍රජාතන්ත්‍රවාදී නොවන ලෙසත් කියන විට පනින රිලවුන්ට ඉනිමං තනන බව නොවැටහිම ඛේදවාචකයකි.
බර්ට්රෝල්ටි බ්‍රෙස්ට් වරෙක කිවේ වීරයන් ගැන විශ්වාස කරන ජාතිය නොවැඩුනු ජාතියක් බවයි .රාජපක්ෂ වරුන් ගේ සිතුවිල්ල ද අපේ රටේ ජනතාව නොවැඩුනු ජාතියක් කරන්නට නම් එය කණගාටුදායක වැරදීමකි.

ටර්මිනේටර් විසිනි .