පසුගියදා ආණ්ඩු පක්ෂය විසින් පාර්ලිමේන්තුව තුලදී අත්තනෝමතික ලෙස සම්මත කරගත් Online පනත (මාර්ගගත ක්‍රමවල සුරක්ෂතාතව පිළිබඳ පනත) ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග වලට පටහැනි බවත් එවැනි නීතියකට අත්සන් තැබීමට කතානායකවරයාට කිදිසේත් අයිතියක් නොමැති බවත් මහාචර්ය ජී එල් පීරිස් මහතා අද උදැසන පැවති රූපවාහිනී දේශපාලන වැඩසටහනකට එක්වෙමින් කියා සිටියේය.

මහාචාර්යවරයා වැඩිදුරටත් කියා සිටියේ ශ්‍රේෂ්ටධිකරණය විසින් මෙම පනතේ ඇතැම් වගන්ති වෙනස් කිරීමට නියෝග කලත් එම වගන්ති පවා වෙනස් නොකරමින් රජය විසින් මෙම පනත ගෙන ආ බවත් අධිකරණය දුන් සංශෝධන ඇතුලත් ලැයිස්තුවක් පවා මන්ත්‍රීවරුන්ට ඉදිරිපත් නොකළ බවත්ය.