මහජන ආරක්ෂක ඇමති පිස්සෙක් වගේ දොඩවනවා, ඊට වඩා හොද ඇමැති කොනෙක් හොයා ගන්න බැරිද? ඔය ඇමතිකම දයාසිරි ජයසේකරට දෙන්න යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහාතා පවසයි .
එහිදී කියා සිටියේ මේ දවස් වල ත්‍රස්තවාදය පිළිබඳ කතා කරමින් ජනතාව බය කර ආණ්ඩු බලය රැක ගැනිමට කටයුතු කරන බවයි.
ඥාණසාර හාමුදුරුවන් මධ්‍ය වලට ඇවිත් ත්‍රස්තවාදය පිළිබඳ කතා කරන බවත් දර්ගා නගරයේ ප්‍රශ්න ඇතිකරා වගේ නැවතත් රටේ භීෂණය ඇති කර රට විනාශ කරන්න එපා යැයි ‘ ඥාණසාර හාමුදුරුවනේ වැදලා ඉල්ලන්නං; දර්ගා නගරයේ සිද්ධිය වගේ සිද්ධිවලින් ආයේත් රට ගිනි තියන්ඩ එපා….! ” යැයි සරත් ෆොන්සේකා මහාතා ඉල්ලා සිටින අතර මහජන ආරක්ෂක ඇමැති පිස්සු කතා කියමින් ඥාණසාර හාමුදුරුවන්ගේ line එකේ යමින් වදුරට දෑලි පිහිය දුන්න වගේ හතර වටේ ගැසිමෙන් අතන මෙතන කපා ගැනිමෙන් ඔක්කොම විනාශ කර ගන්නා බවයි සරත් ෆොන්සේකා මහාතා පවසන්නේ .
ඔහු වැඩි දුරටත් කියා සිටියේ අන්තවාදී හෙවනැලිවලට පණ ලබා නොදන ලෙසයි .
මෙම අදහස් දැක්වූයේ අද පාර්ලිමේන්තුවේ දිය.