පාර්ලිමේන්තු ආචාර ධර්ම සහ වරප්‍ර‍සාද පිළිබද කාරක සභාවේ වාර්තාව පසුගියදා (18) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතට පත්කරනු ලැබූ අතර එම වාර්තාවට අනුව ඉම්තියාස් බාකීර් මාකාර් මහතාගේ පාර්ලිමේන්තු වරප්‍රසාද බරපතල ලෙස උල්ලංගනය කර ඇති බව ඒ මහතා අද පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

ඉම්තියාස් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට ගෙන ආ “පලාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී තරුණ නියෝජනය අනිවාර්ය කිරීම සදහා වන පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත”  ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතා විසින් ඔහු ගෙන ආ යෝජනාවක් ලෙස පසුගිය දිනක පාර්ලිමේන්තුව තුළ සම්මත කරගනු ලැබීය. කෙසේ වෙතත් අද පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටු වාර්තාව උපුටා දක්වමින් ඉම්තියාස් මන්ත්‍රීවරයා කියා සිටියේ මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තු කෙටුම්පත් කාර්යාලයට යැවීමේදී සහ නීතිපති දෙපාර්තමේන්තුවට යැවීමේදී බරපතල අක්‍රමිකතා රැසක් සිදුව ඇති බවයි.

එම අවස්ථාවේ කමිටු වාර්තාව උපුටා දක්වමින් ඉම්තියාස් බාකීර් මාකාර් මන්ත්‍රීවරයා පැවසු අදහස්,

පෞද්ගලික මන්ත්‍රීවරුන් ඉදිරිපත් කරන පනත් කෙටුම්පත් සම්බන්ධව අනුගමනය කළ යුතු පැහැදිලි ක්‍රියා පරිපාටියක් තිබියදී, උවමනාවෙන්ම එම ක්‍රියාමාර්ග ගැනීම පැහැර හැරීම හේතුවෙන් මේ අසාධාරනය සිදුව ඇති බව පැහැදිලිවම දැකගන්නට පුලුවන්.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති වාර්තාවේ, නවවන පිටුවේ අවසන් ඡේදය සහ, 10 වන පිටුවේ පළමු ඡේද දෙකට ද, ඔබතුමාගේ ගෞරවනීය අවධානය, විශේෂයෙන් යොමු කළහොත්, සිතා මතාම සිදුකර ඇති අසාධාරනයන් කිහිපයක්, ඔබතුමාට සහ මෙම සභාවට පැහැදිලිවම තේරුම්ගත හැකි වේවි.

මම කැමතියි එම පරිච්ඡේදයන්ගෙන් වාක්‍ය කිහිපයක් උපුටා දක්වන්න.
ඒ සදහා මට අවසර දෙන්න

උපුටා දැක්වීම………………….

මේ අනුව මගේ භාෂා තුනෙන්ම පනත් කෙටුම්පත, කෙටුම්පත් කාර්යාලයට ලැබී ඇත්තේ 2022 ජනවාරි මස හයවන දිනයේදීය. අනෙක් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයාගේ පනත් කෙටුම්පත ලැබී ඇත්තේ, ආසන්න වශයෙන් මාස හයකට පසු සිංහල භාෂාවෙන් පමණක් බව මෙහි සදහන් වෙනවා. සම්පූර්න කරන ලද භාෂා තුනෙන්ම වූ පනත් කෙටුම්පත, පනත් කෙටුම්පත් කාර්යාලයට ලැබී ඇත්තේ 2022 අගෝස්තු මස 22 වන දිනයේදීය. ඉන් පැහැදිලි වන්නේ සම්පූර්ණ කරන ලද දෙවන පනත් කෙටුම්පත, පනත් කෙටුම්පත් කාර්යාලයට ලැබී ඇත්තේ මගේ පනත් කෙටුම්පත ලද දිනයට මාස හතකටත් වැඩි කාලයක් ගතවූ පසුවයි.

ඊළග කරුණ වන්නේ, 2022 ජනවාරි හයවන දින මා ඉදිරිපත් කල පනත් කෙටුම්පත, පාර්ලිමේන්තුව විසින් නීතිපති දෙපාර්තමේන්තුවට යවනු ලබන්නේ, එය ලද දිනට පසු, මාස දෙකකට ආසන්න කාලයක් ගතවීමෙන් අනතුරුවයි.

එසේ වුවත් මට පසුව ලද අනෙක් සම්පූර්ණ කරන ලද පනත් කෙටුම්පත ලැබී දින හතරක් ගතවීමට පෙර එම පනත් කෙටුම්පත නීතිපති දොපාර්තමේන්තුවට යවනු ලබනවා.

2023/10/03 වන දින පාර්ලිමේන්තුව තුලදී මෙම තරුණ නියෝජනය අනිවාර්ය කිරීම සදහා වන පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මතවූ අවස්ථාවේ විපක්ෂ නායකවරයා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් අදහස් දැක්වුයේ පහත ආකාරයෙනි,

පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකර් මහතා විසින් පාර්ලිමේන්තුවට ගෙන එන ලද තරුණ නියෝජනය පිළිබඳ පනත පසුගිය පළාත් පාලන මැතිවරණය කල් දැමීම සදහා ආණ්ඩුවේ ඇමතිවරයෙකු වූ ප්‍රේමනාත් සී දොලවත්ත විසින් ඔහුගේ පනතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තුළින් ඉම්තියස් මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවී ඇති බව අද දින එතුමා ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා අදහස් දක්වමින් කියා සිටියේ ඉම්තියාස් බාකීර් මාකර් මාකර් මැතිතුමා ඉදිරිපත් කළ පනත හුදෙක්ම ආණ්ඩු පක්ෂය විසින් පළාත්පාලන මැතිවරණය කල් දැමීම සඳහා ඉරිපත් කළ බවයි.

මෙම අවස්ථාවේදී අවස්ථාවේ දී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ ඉමිතියාස් බාකීර් මාකර් මැතිතුමා පාර්ලිමේන්තුවේ මෙන්ම ශ්‍රී ලංකා ලංකා වාසි ලංකාවාසී සියළු ජනතාවගේ ගෞරවාදරයට පත්ව ඇති මන්ත්‍රීවරයෙක් බවත් ආණ්ඩුවේ මෙම අමනෝඥ ක්‍රියාව හරහා එතුමාගේ ගෞරවයට කැළලක් ඇති වී තිබෙන බවත්ය.

ආණ්ඩුව ඉම්තියාස්ගේ පනත හයිජැක් කළ හැටි (VIDEO)

මෙම තරුණ නියෝජනය පිළිබඳව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ විවාදයට ගැනෙන දිනයේදී මන්ත්‍රී වරප්‍රසාද පිළිබඳව කතානයකවරයාටද චෝදනා එල්ල විය,

මන්ත්‍රී වරප්‍රසාද ගැටළු නිසා කතානායකවරයාට අදත් චෝදනා (VIDEO)

පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටු වාර්තාවට අනුව තරුණ නියෝජන පළිබඳ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව දෙලවත්ත මන්ත්‍රීවරයාගේ යෝජනාවක් ලෙස සම්මත කරගැනීම හරහා ඉම්තියාස් බාකීර් මාකාර් මහතාගේ වරප්‍රසාද කඩවූ බවට වන සියලු කරුණු ඉදිරිපත් කරමින් අවසන් වශයෙන් ඒ මහතා පාර්ලිමේන්තුව තුලදී දැක්වූ අදහස්,

අවසන් වශයෙන් කමිටුව අසාධාරණයක් සිදුවී ඇති බව නිගමනය කර ඇති හෙයින්, සහ මේ සදහා වගවීමක් තිබිය යුතු හෙයින්, ඉදිරියේදී පාර්ලිමේන්තුවේ ගෞරවයට කැලැල් සිදුවන මෙවැනි සිදුවීම්, සිදුවීම වැලැක්වීම උදෙසා, මෙම අසාධාරණය සිදුවීමට මුල්වූ සහ සහාය වූ සියළු දෙනා හදුනාගෙන, මින්මතු එවැනි ක්‍රියාදාමයන්ගෙන් වැලකී සිටීම සදහා අවම වශයෙන් තරයේ උපදෙස්දීමක් හෝ සිදුකිරීමට මම යෝජනා කරනවා.

අධිකරණයේ ස්වාධීනත්වයට තර්ජන, නීතිපති දෙපාර්තමේන්තුව තමන්ට, අවශ්‍ය ලෙසින් හසුරුවා ගැන්මට බලපෑම් කිරීමේ ප්‍ර‍යත්නයන් සිදුවෙමින් පවතින වාතාවරණයක් ගැන මේ රටේ ජනතාව අවධානයෙන් බලා සිටින මෙවන් යුගයක, පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වය, අභිමානය සහ බලය හෑල්ලු කරන, කැලැල් කරන, මෙවැනි ක්‍රියාදාමයන්හි වගවීමෙන් ගැලවී යාමට කිසිවෙකුට ඉඩ නොදීමට කටයුතු කිරීම තුලිනුයී, මෙවැනි ක්‍රියාවන් අනාගතයේදී සිදුවීම වළක්වාගත හැකිවන්න්.
මේ ගැන ඔබතුමන් බැරෑරුම් සැලකිල්ල යොමුකර සුදුසු ක්‍රියාමාර්ග ගැනීම තුලින්, පාර්ලිමේන්තුවේ ගෞරවය, අභිමානය මෙන්ම ස්වාධීනත්වය ආරක්ෂා කර දීමට කටයුතු කරන ලෙසත්, පාර්ලිමේන්තුවේ එම ගෞරවය අභිමානය හා ස්වාධීනත්වය හෑල්ලුකර, කැලැල් කර ගැලවී යාමට කිසිවෙකුට ඉඩ නොතබන ලෙසත් මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

ඉම්තියාස් බාකීර් මාකාර් මහතා වරප්‍රසාද කඩවීම පිළිබඳව අද පාර්ලිමේන්තුව තුලදී කළ සම්පුර්න කතාව පහත වීඩියෝවෙන් නරඹන්න,