පසුගියදා බොරැල්ලේ කතෝලික පල්ලියකින් හමුවූ අත් බෝම්බය පිළිබඳ සැකයක් තිබෙන බව සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසයි.

මන්ත්‍රීවරයා කියා සිටින්නේ මෙම අත් බෝම්බ සිද්ධිය බලය රඳවා තබා ගැනීමට සිදු කළ ක්‍රියාවක් ද යන්න පිළිබඳ ප්‍රශ්න මතුවී තිබෙන බවයි .

තව දුරටත් කියා සිටියේ හමුවූ අත් බෝම්බයේ පින් එකද ඉවත් කර තිබූ බවත් තවද හඳුන්කූරු එයට සවි කර තිබූ ඔබත් ඒය එසේ සිදු කිරීමට නම් මනා පලපුරුද්දක් තිබිය යුතු බවත් එය සාමාන්‍ය කෙනෙකුට කීමට නොහැකි බවද පැවසීය .

තවද මෙම අත් බෝම්බ සිද්ධිය පිළිබඳ පොලීසිය විසින් සිදු කරන ආකාරය පිළිබඳ සැකයක් තිබෙන බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

පාස්කු ප්‍රහාරය බලය ලබා ගැනීමට සිදු වූ ක්‍රියාවක් බව කාදිනල් හිමිපාණන් ද පවසන බවත් මෙම ක්‍රියාවත් බලය රදාව ගැනිමට සිදුකළ කළ නාටකයක් ද යන්න ප්‍රශ්නයක් තිබෙන බවයි .

මෙම ක්‍රියාවන් නිසා ජාතීන් හා ආගම අතර බේද ඇති වෙන බවත් මෙවැනි ක්‍රියා සමගි ජන බලවේගය හෙළාදකින බවද මන්ත්‍රීවරයා කියා සිටියේය .

මෙසේ කියා සිටියේ අද(20) සමගි ජන බලවේගය ප්‍රධාන කාර්‍යලයේ දීය .

සටහන – CJ