හිටපු මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, මුල්‍ය චෝදනා රැසක් තිබෙන බෙංජමින් වේ සමග ඔහුගේ twitter ගිණුමේ පළකර තිබූ සටහන ඉවත් කිරීම පිළිබදව ඊයේ (13) ආර්ථිකයේ නිවැරදි දිශාව යන මැයෙන් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවැසීය.

මාඕ මාඕ වේ කියන පුද්ගලයා සහ බෙංජමින් වේ කියන පුද්ගලයා සම්බන්ධයෙන් මේ දිනවල කතා බහට ලක් වෙලා තිබෙන බවත් බෙජමින් වේ කියන පුද්ගලයාගේ සහ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ පින්තුරයක් හැමිල්ටන් රිසව් බැංකුවේ සහ නිවාඩ් කබ්රාල්ගේ ට්විටර් ගිණුම් වල සදහන්ව තිබූ බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසීය.

මහ බැංකුවේදී බෙංජමින් වේ කියන පුද්ගලයා සහ අජිත් නිවාඩ් කබ්රාල් හමු වූ බවත් ඔහු තුල ලංකාව ගැන විශ්වාසයක් තිබෙන බවත් ජාත්‍යන්තර ස්වයිරීය බැදුම්කරවල ආයෝජනය කරන්න ඔහු කැමති බවත් පසුගිය දා අජිත් නිවාඩ් කබ්රාල්ගේ ටිවිටර් පණිවිඩයේ සටහන්ව තිබුණා.

එහිදී වැඩිදුරටත් හර්ෂ ද සිල්වා මහතා කියාසිටියේ,

බෙන්ජමින් වේ කියන්නේ නිව්යොර්ක් වල කැපිටල් කෝපරේෂන් කියන සමාගමේ ප්‍රධානියා. ඔහුට චෝදනා රැසක් තිබෙන පුද්ගලයෙක්. හැමිල්ටන් රිසව් බැංකුව නෙවිස් කියන දූපතේ රෙජිස්ටර් කරලා තියෙන්නේ. පූටරීකෝවල් , ලබූවාන්වල රටවල් වල මූල්‍ය චෝදනා තියෙන පුද්ගලයෙක් තමයි බෙන්ජමින් වේ කියන්නේ.

හැමිල්ටන් රිසව් බැංකුව කියනවා කබ්රාල් සහ රජයේ බැංකු වල ප්‍රධානින් හමුවෙන්න ගියා කියලා.

ඩොලර් මිලියන 250 ගෙවල නැ කියලා හැමිල්ටන් රිසව් බැංකුව ශ්‍රී ලංකාවට එරෙහිව දාපු නඩුවට ඇමෙරිකාවේ තීතිපතිගේ නියෝජිතයෙක් සම්බන්ධ වෙලා තියෙනවා. ඔවුන් කියලා තියෙනවා ඇමෙරිකාව මේ සිද්ධියට සම්බන්ධද වෙනවාද නැද්ද කියලා සති දෙක තුනකින් ප්‍රකාශ කරන බවත් ණය ප්‍රතිව්‍යුහගතකිරීම කරගෙන යනකන් මාස 6 ක විරාමවක් ලංකාව ඉල්ලා තියෙනවා.

හැමිල්ටන් රිසව් බැංකුව ඇතුළේ පිරිමීඩ ජාවාරමක් ක්‍රියාත්මක වෙනවා වගේ පේනවා. හැමිල්ටන් රිසව් බැංකුවේ මුදල් නෙවෙයි ලංකාවේ ආයෝජනය කරලා තියෙන්නේ වෙන වෙන අයගේ මුදල්.

කඩං වැටෙන ශ්‍රි ලංකාවේ ආයෝජනය කරපු එකට හැමිල්ටන් රිසව් බැංකුවේ තැන්පත් කරුවෝ ඒ බැංකුවට චෝදනා කරනවා.

අලුතින් හෙළිවල තොරතුර අනුව හැමිල්ටන් රිසව් බැංකුවේ ප්‍රධානියා ලෙස බෙංජමින් වේ කියන පුද්ගලයාගේ නම සඳහන් වුණේ නැති වුණාට. දැනට ඩිලිට් කරලා තියෙන ට්විටර් අනුව පේනවා අජිත් නිවාඩ් කබ්රාල් සහ බෙංජමින් වේ හමුවෙලා තියෙනවා කියලා.

ණය ගෙවා ගැනීමට නොහැකි වුණ දවසේ මුදල් ඇමැතිව සිටි අලි සබ්රි ඇමැතිවරයා කතා කරලා කිව්වා සල්ලි ඔක්කොම ඉවරයි කියලා. මිලියන 30 ක් පමණයි තියෙන්නේ කියලා. මිලියන 30 ක් තියාගෙන කොහොමද මිලියන 160 ගාණක පොලී ගෙවන්නේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සම්බන්ධ වෙලා ප්‍රශ්න විසඳගත්ත කිසිම රටක් සල්ලි සතේට හිදෙනකන් හිටියේ නැති බව අයි එම් එෆ් එක කිව්වා.

ජිනිවා වලට පත් කරපු අලුත් ශ්‍රී ලංකා තානාපතිවරිය මානව හිමිකම් වල ප්‍රධානියා ඉදිරිපත් කළ සියලු නිර්දේශ සහ නිගමන ප්‍රතික්ෂේප කරලා තියෙනවා.

ආර්ථික ඝාතකයින් සම්බන්ධයෙන් ඉදිරිපත් කරපු කිසිම දෙයක් පිලිගන්නේ නැ කියලා ශ්‍රී ලංකා තානාපතිවරිය කියලා තියෙනවා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කිව්වා ශ්‍රී ලංකාවේ දුෂණ සහ වංචා වලට තිබෙන අවකාශය වැඩි කියලා. එහෙම තත්ත්වයක් තුළ ශ්‍රී ලංකා තානාපතිවරිය කොහෙමද කියන්නේ ආර්ථික ඝාතකයින් සම්බන්ධයෙන් ඉදිරිපත් කරපු කිසිම දෙයක් පිලිගන්නේ නැ කියලා.

අලි සබ්රි මුදල් ඇමැතිවෙලා හිටපු කාලයේ පිළි ගත්තා රටේ ආර්ථිකය සම්බන්ධයෙන් වැරදි දේවල් සිදුවෙලා තියෙනවා කියලා. 

 

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා දැක්වුයේ මෙවැනි අදහසක්,

අයි එම් එෆ් නියෝජිතයින් ලංකාවට ආවට පස්සේ විපක්ෂයේ මන්ත්‍රීවරු සමඟ සාකච්ඡාවක් තියෙනවද?

අපි කොහොමත් අයි එම් එෆ් නියෝජිතයින් ලංකාවට ආවට පස්සේ සාකච්ඡා කරනවා.

 

හැමිල්ටන් බැංකුව සිදුකළ ස්වයිරීය බැදුම්කර ගණුදෙනුවෙන් අත යට ගණුදෙනුවක් සිදුවුණාද ?

ස්වයිරීය බැදුම්කරවලට ආයෝජනය කළ විශාල පිරිසක් හිටියා. විශාල පිරිසක් ප්‍රතිව්‍යුහගතවලට කැමති වුණා. හැමිල්ටන් බැංකුව පමණක් නඩු කියන්න තීරණය කළා. ඒ බැංකුවේ ප්‍රධානියා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් සමඟ සාකච්ඡා කළා කියලා මාධ්‍ය වාර්තා පළ වෙලා තිබෙනවා.
ඩොලර් මිලියන 250 කාගේ මුදල්ද කියන ප්‍රශ්නය පැහැදිලි නෑ. විදිමත් පරීක්ෂණයක් අවශ්‍යයි. හැමිල්ටන් බැංකුවේ ස්වයිරීය බැදුම්කරවලට ආයෝජන කරපු පිරිස් කවුදු කියලා අපි දිගටම ඉල්ලුවා. ජනවාරි මාසයේ ඩොලර් මිලියන 500 ක් ගෙවලා තියෙනවා. ඒවා කාගෙද කියන එක ප්‍රශ්නයක්. මේ යට වෙන ව්‍යාපාරයක් තිබෙනවාද කියන එක ගැන රටේ හැමෝගෙම වගකීමක්. මේ සඳහා කොමිසමක් පත් කරන්න කියලා ජනාධිපතිවරයාට කියනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයත් කියනවා ලංකාවේ ආර්ථික අපරාධ සිදුවෙලා තියෙනවා කියලා.

හැමිල්ටන් බැංකුවේ නඩුව නිසා අයි එම් එෆ් ඊළඟ වාරියකයට ගැටලුවක් ඇතිවෙයිද?

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමවේදය ප්‍රමාද වෙන්න පුලුවන්. ඒක ප්‍රමාද වෙනවා කියන්නේ අයි එම් එෆ් වාරියකත් ප්‍රමාද වෙයි. ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමවේදය බිඳවැටෙන්න පුලුවන්.

චැනල් 4 නාලිකාවේ සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසන් සභාවේ පරීක්ෂණයක් පවත්වන්න කියලා යෝජනා කරලා තියෙනවා. මේ තත්ත්නය බලපායිද ඊලග අයි එම් එෆ් වාරියකත්

ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසන් සභාවට උත්තර දෙන ආකාරයට තමයි අපේ අනාගතය තීන්දු වෙන්නේ. බය නැතුව අපේ රටේ ස්ථාවරය තහවුරු කළ යුතුයි. ආර්ථික ඝාතකයෝ නිදැල්ලේ ඉද්දි අයි එම් එෆ් අපිට උදව් කරන්න හිතයිද ? ලංකාවේ ඉන්න ආර්ථික ඝාතකයින්ට දඩුවම් දෙන්න කියලා අයි එම් එෆ් කණ්ඩායමට තියෙන්න කොන්දේසියක් දාන්න.

අයි එම් එෆ් කණ්ඩායම අපි හමුවුණානම් ඉල්ලන්නේ හැමිල්ටන් රිසව් බැංකුවේ පසුබිම සහ ආයෝජකයින් කවුද සහ එවකට රටේ හිටපු නිලධාරීන් රට බංකොලොත් වෙන බව දැන දැන හැමිල්ටන් රිසව් බැංකුවට ලංකාවේ ආයෝජනය කරන්න කියලා දුන්න පොරොන්දුව ගැන විදිමත් පරීක්ෂණයක් කරන්න කියලා ඉල්ලනවා.