තරුණ වෘත්තීය වේදින්ගේ සංවිධානය විසින් සංවිධානය කළ කතිකාවත පසුගියදා කොළඹ ගාලුමුවදොර හෝටල් පරිශ්‍රෙදි පැවැත්වුනා.

මෙහි තේමාව වුයේ ‘ සාම්ප්‍රදායික දේශපාලනයෙන් ඔබ්බට’ යන්නයි.

එම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වුයේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතායි.

මෙම අවස්ථාවට තරුණ වෘත්තීය වේදින්ගේ සංවිධානයේ සභාපති පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රී හර්ෂණ රාජකරුණා, පා.ම. ආචාර්ය හර්ෂ ද සිල්වා, පා.ම. එරාන් වික්‍රමරත්න, පා.ම. රවුෆ් ‍හකීම්, පා.ම. මයන්ත දිසානායක සහ හිටපු යුද හමුදාපති ජෙනරල් මහේෂ් සේනානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

ඊට අමතරව විවිධ කේෂ්ත්‍රවල වෘත්තීයවේදීන්, ව්‍යාපාරිකයින්, විද්වතුන් ඇතුළු බොහෝ පිරිසක් මෙම කතිකාවට සම්බන්ධවුනා.

වසර 3 කට පමණ ඉහත දී සමගි ජන බලවේගයේ තරුණ වෘත්තීයවේදින්ගේ සංවිධානය ආරම්භ කළ අතර එහි සභාපතිවරයා වන පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂණ රාජකරුණා මහතාගේ මගපෙන්වීම යටතේ මෙය සංවිධානය කෙරුනා.

මෙහිදී මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසා සිටියේ, තීරණාත්මක කාලයක් එළැඹ ඇති අතර, සති පහකින් පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී නිවැරදි තීරණයක් ගත යුතු වන්නේ, එහි බලපෑම ඉදිරි වසර 5ක කාලයකට ශ්‍රී ලංකාවට සෘජුව දැනෙන නිසා බවයි.

මෙහිදී ප්‍රධාන දේශනය සිදුකල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේ, තරුණ වෘත්තිය වේදීන් ලෙස රටේ තීන්දු තීරණ ගත යුත්තේ සංස්කෘතිකය හෝ දේශපාලනය ගැන සිතා බලා නොව, නිවැරදි දැක්මකින් බවයි.

රටේ සියලු ජනතාවට සමානව සේවය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියා.

ආර්ථික ස්ථායිතාව, රටේ ප්‍රගමනය උදෙසා ජාතික ආරක්ෂාව ස්ථාවර රටක් මැයෙන් මෙහිදී පැවැත්වූ සාකච්ජා මණ්ඩපය සඳහා පා.ම. ආචාර්ය හර්ෂ ද සිල්වා, පා.ම. හර්ෂණ රාජකරුණා, පා.ම. එරාන් වික්‍රමරත්න සහ හිටපු යුද හමුදාපති ජෙනරල් මහේෂ් සේනානායක යන මහත්වරුන් එක්ව සිටියා.