සමගි ජන බලවෙිගයේ රත්මලාන සංවිධායක ධුරයට විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා අද කටයුතු කර තිබෙනවා .

හිටපු සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්කැල්ල ඇතුළු සෞඛ්ය සේවාවේ බරපතළ දූෂණ වංචාවන්ට සම්බන්ධ දේශපාලකයින් සහ නිලධාරීන්ව අධිකරණය හමුවට පමුණුවනතුරු ඒ සම්බන්ධව තොරතුරු අනාවරණය කළේද ඒ මහතාය.

රෝහල් පරිපාලනය, රාජ්ය පරිපාලනය සහ ව්යාපාර කළමනාකරණය පිළිබඳව විද්යාපති උපාධි සම්පූර්ණ කර ඇති ඒ මහතා රෝහල් පරිපාලනය පිළිබඳව විශේෂඥ වෛද්ය උපාධිය ද ශ්රී ලංකාවේදී සම්පූර්ණ කොට ඇත.

සෞඛ්ය ආර්ථික විද්යාව පිළිබඳව හා ව්යාපාර කළමනාකරණය පිළිබඳව ආචාර්ය උපාධිය සම්පූර්ණ කොට ඇති ඒ මහතා සමගි ජන බලවේග ඉදිරි දෙවන පෙළ නායකත්ව කණ්ඩායම නියෝජනය කරයි.