සමගි ජන සන්ධානයේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අද එළිදැක්වෙන බව සමගි ජන බලවේගයේ මහලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.
සැමට ජයක් සමගි ජන සන්ධානයේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (29) මහනුවරදී එළි දැක් වේ. ඒ සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සන්ධානයේ පාර්ශ්ව නායකයින් සමඟ ශ්‍රී දළදා මාලිගාවේදී සහ මල්වතු අස්ගිරි මහානායක හිමිවරුන්ට ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිගැන්වීමේ අවස්ථාවට එක්වෙමිනි.
ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීමෙන් පසුව සන්ධාන නායකයින්ගේ සහභාගිත්වයෙන් මහනුවර රැජිණ හෝටලයේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වේ.