ශ්‍රී ලංකා රාජ්‍ය සේවය නියෝජනය කරන, ගෞරවණීය සහෝදර සහෝදරියනි,

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මීළඟ ආණ්ඩුව තෝරා ගැනීම සඳහා පැවැත්වෙන මහමැතිවරණය අභිමුව සිට, සමගි ජන බලවේගය ඔබ අමතන්නේ, රටක රාජ්‍යය හා රාජ්‍ය සේවාව උදෙසා ඔබ ඉටුකරන විශිෂ්ට සේවය හා කැපවීම පිළිබඳ ඉහළ තක්සේරුවකින් මෙන්ම ඒ පිළිබඳ අප තුළ ඇති ගෞරවය ද සමගිනි. මිලියන 22ක ජනතාවට, රාජ්‍ය ප්‍රතිපත්තියට අනුකූලව විධායකයේ සේවාව සපයන රාජ්‍ය සේවකයන් මිලියන 14 අතර ඔබත් සාමාජිකයෙකි. ජනාධිපති ලේකම්වරයාගේ සිට බිම් මට්ටමේ රාජ්‍ය සේවකයා දක්වා ද, ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ සේවය කරමින් මව්බිම සුරකින්නා වූ සියලු සේවාවන් තුළ, විවිධතා, විෂමතා මෙන්ම අවශ්‍යතා ද බොහොමියක් පවතින බව අපි දනිමු.

බහුතරයේ විශ්වාසය දිනා ගැනීමට අසමත් වූ පළමු ශ්‍රී ලාංකීක ජනාධිපතිවරයා ලෙස වත්මන් ජනාධිපතිවරයා පත්වුව ද අතිශය ප්‍රජාතන්ත්‍රවාදීව පැවැත් වූ මැතිවරණයක ප්‍රතිඵලය හා ඉන් ලැබූ ඔහුගේ ජයග්‍රහණය හෑල්ලු කිර්ම කිසිවිටක අප අරමුණ නොවේ.

ඔබ අතරින් බහුතරයක් පසුගිය ජනාධිපතිවරණයේ දී රටේ නායකයා ලෙස වත්මන් ජනාධිපතිවරයා තෝරාගත්තේ මහත් බලාපොරොත්තු පෙරදැරිවය රාජ්‍ය සේවයේ ගෞරවය සහ අභිමානය රැක ගැනීම ඒ අතර ප්‍රමුඛ අභිලාෂයක් බව අපි දනිමු නමුත් සති තුනක් යන්නට මත්තෙන් ඔබ තැබූ බලාපොරොත්තු එකිනෙක බිඳ වැටෙන්නට වී ඇති බව නොරහසකි. වත්මන් ජනාධිපතිවරයාට රාජ්‍ය සේවය පිළිබඳව ඇති ආකල්පය වටහා ගැනීමට නම් ඔහු රාජ්‍ය සේවයේ ජනාධිපති ලේකමිවරයා ප්‍රධාන, තනතුරු සඳහා පත්කර ඇති ඇතැමුන් දෙස බැලීම් පමණක් ප්‍රමාණවත්ය. එම පත්විම්. සේවය වෙනුවෙන් වත්මන් ජනාධිපතිවරයානෙන් ඔබ බලාපොරොත්තු වූ වෙනස සාක්ෂාත් නොකරන බව ඉතා පැහැදිලි ය. ඔවුනට පාර්ලිමෙන්තුවේ ඔහුතර බලයක් ලබා දුන හොත් රාජ්‍ය

සේවයේ අනාගතයට කුමක් වනු ඇත්දැයි ගෞරවණීය රාජ්‍ය සේවයේ නියුතු ඔබ විවේක බුද්ධියෙන් කල්පනා කර බලනු ඇතැයි යන්න අප විශ්වාසයයි

එපමණක් නොව, ඔවුන් ගෙවුණු සති තුන තුළ පමණක් රුපියල් බිලියන 539ක දෙස් විදෙස් ණය ලබා ගනිමින් ඔබව තවදුරටත් මේ ණය කන්දෙහි සිරකරුවෙකු කර ඇත. ඉන්දියාව ප්‍රමුඛ BRICS රාජ්‍ය සමූහයේ ආරාධනය පළමු පැයේ පිළිගත් ජනාධිපතිවරයා දෙවෙනි පැයේදී සිය ස්ථාවරය වෙනස් කළ බව රටට පවසා සිටියේ, තම දේශපාලන ජීවිතය ආරම්භයේ සිට ඉන්දියානු ව්‍යාප්ත වාදය ගැන දැරූ දැඩි ස්ථාවරය නිසාදැයි සාධාරණ සැකයක් සමාජය තුළ මතුව තිබේ. තවද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ස්ථාවරයන් මැතිවරණ වේදිකා තුළ මුළුමනින්ම ප්‍රතික්ෂේප කළ චතුමා කොන්දේසි විරහිතව සිය පූර්වගාමියා ගත් මඟ යමින් සිටීමෙන් ඔබට පැහැදිලි වන්නේ කුමක්ද? මුළුමනින්ම බදු බර ඉවත් කිරීම, මාස හයකට වරක් රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරිම වැනි යෝජනා සියල්ල සති තුනක් තුළ දේශපාලන අලංකාරික බවට පත්වීම සැබැවින්ම කණගාටුවකි.

රාජ්‍ය සේවක ඔබගේ වැටුප් වැඩිකිරීම පිළිබඳ සොයා බැලීම අරමුණ කොට යළිත් කමිටුවක් පත් කිරීමට වත්මන් රජය ක්‍රියා කිරීමට යන බවක් පෙනෙන්නට තිබේ. එහෙත් රාජ්‍ය සේවක ඔබේ වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා මීට පෙර රනුක්ගේ කමිටු වාර්තාව සකස් කෙරුණු අතර, ගුරු සේවයේ වැටුප් විෂමතා තුරන් කිරීමේ අරමුණින් සුබෝධිනී කමිටු වාර්තාව ද සකස් කෙරුණි. මේවා ක්‍රියාත්මක කිරීම පසෙක තබා යළි තවත් කමිටුවක් පත් කිරීමට යාමෙන් සිදුවන්නේ ඔබගේ වැටුප් විෂමතා විසඳීම තවත් කාල සීමාවකින් පිටු පසට යාම නොවේ ද?

දැනට ඔබට ලැබෙන ජීවන වියදම් දීමනාව, රුපියල් 25,000 ක් දක්වා වැඩිකිරීමට අප ජනාධිපතිවරණය අවස්ථාවේ යෝජනා කළ අතර එයද දැන් ක්‍රියාත්මක නොවීම තුළ ඔබට දැනෙන ජීවන බරට සහනයක් ලැබීම සිහිනයක් ම වී තිබේ.

වත්මන් ජනාධිපතිවරයා පත්වී ගත්ව ඇත්තේ මාසයකටත් අඩු කාලයක් බැවින් ඔහු ගේ රාජ්‍ය පාලන හැකියාවන් පිළිබඳව පූර්ව නිගමනයකට වන්නට නොහැකි වුවත්, ඔහුට සහය දීමට හැකි, පළපුරුද්ද සහිත දක්ෂ කණ්ඩායමක් ඔහු සතුව නැති බව දැන් ඉතා පැහැදිලි ය. ඉදිරියේ දී ඔහු ගේ සහයට පැමිණීමට නියමිතව ඇත්තේ ද රාජ්‍ය පාලනය පිළිබඳ අත්දැකීම් නොමැති ආධුනිකයන් පිරිසකි. එසේ නම් කළ පුරුදු, පළපුරුදු සහිත දක්ෂ කණ්ඩායමක් සහිත සමගි ජන බලවේගයට ආණ්ඩු බලය ලබාදිය යුත්තේ ඇයි දැයි යන්න පිළිබඳව ඔබට තේරුම් ගැනීමට අපහසු නොවනු ඇත. එමෙන්ම, මෑත ඉතිහාසයේ මෙරට විධායක ජනාධිපතිවරයෙකුට පාර්ලිමේන්තුව තුළ අසීමිත බලයක් ලබාදීම නිසා රටේ ඇති වූ ව්‍යාකූල තත්ත්වයන් ප්‍රජාතන්ත්‍ර විරෝධී ස්ථාවරයන් ඔබ මතකයේ තැන්පත්ව ඇති බව නොඅනුමානය සංවරණය සහ තුලනය රාජ්‍ය පාලනයේ පරම කොන්දේසිය බව අපගේ පරමාදර්ශී පිළිවෙතයි. එම නිසා, නැවතත් රටේ ආරාජික තත්ත්වයක් ඇති වීමට ඔබ වැනි බුද්ධිමත් රාජ්‍ය සේවකයන් හවුල්කරුවන් නොවිය යුතු ය.

ගෞරවණීය රාජ්‍ය සේවකයිනි,

අප සමගි ජන සන්ධානය සැම විටම ඔබට පවසා සිටියේ කළ හැකි දේ පමණි කුමන බාධා පැමිණිය ද හැකි දේ ක්‍රියාවට නැංවීම අප ප්‍රතිපත්තියයි. අරමුණයි. පසුගිය ජනාධිපතිවරණයේ දී විශේෂයෙන් අවධාරණය කළ පරිදිම, කිසිවෙකුට සමකළ නොහැකි සුවිශේෂී හැකියාවන්ගෙන් අනූන අප කණ්ඩායම මහජන සේවයට කැපවන ඔබගේ භාරකරුවන් පමණක් බව තරයේ සිතට ගන්න. මුළු මහත් රාජ්‍ය සේවාව කිසිදු දේශපාලන බලවේගයකට ගැතිකම් නොකරන, කොන්ද කෙලින් තබාගෙන රාජකාරි අකුරටම ඉටු කරන, සමාජයේ තෘප්තිමත්ව ජීවත් වන අභිමානවත්, කීර්තිමත් රාජ්‍ය සේවයක් අනාගතය සඳහා බිහි කිරීම අපගේ නොසැලෙන අධිෂ්ඨාන යයි රාජ්‍ය සේවක ඔබ ඇතුළු සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ සියලු අයිතීන් සුරැකීම, අප දේශපාලන න්‍යාය පත්‍රයේ අනුලංඝනීය වගකීම බව නැවතත් සපථ කර සිටිමු.

එ බැවින්, ඔබ දූ පුතුන් ප්‍රමුඛ ශ්‍රී ලාංකේය පුරවැසියන්ගේ මෙන්ම අප මව් බිමේ අනාගතය ශක්තිමත් කිරීමට අව්‍යාජව කටයුතු කරන, මුළු හදවතින්ම වී වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම ලෙස, සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් රට තුළ ස්ථාපිත කිරීමට ඔබගේ වටිනා ඡන්දය භාවිත කරනු ඇතැයි අපි තරයේ විශ්වාස කරමු ඔබ කතිරය සලකුණු කරන ලාංඡනය වූ දුරකථනය ඔස්සේ අප ඔබට රැගෙන වන්නේ ජාතික සමගියේ පණිවිඩයයි. සමගි රටක් තුළ සැමට ජයක් ලැබෙන විශ්වසනීය අනාගතය පිළිබඳ පණිවිඩයයි.

මව් ව්බිම වෙනුවෙන් සේවය කරන ඔබ ඇතුළු පවුලේ සැමට ශක්තිය, ධෛර්යය සහ නිරෝගී සුවය ලැබේවා යන්න ශ්‍රී ලාංකේය ඔබේ අයිතිය සුරැකීම වෙනුවෙන් කැප වූ අප ප්‍රාර්ථනාවයි.

සමගි ජන බලවේගය

මෙම පත්‍රිකාවට අදාළ මෘදු පිටපත මෙතනින් බාගත කරගන්න
S_EDM_Goverment sector 2 (2)