පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම්වල තීන්දුව අද (22) ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මළල්ගොඩ, ගාමිණි අමරසේකර, මුර්දු ප්‍රනාන්දු සහ යසන්ත කෝදාගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙහි තීන්දුව ප්‍රකාශ කරනු ඇති.

2023 වසරේ මාර්තු 09 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීමට එරෙහිව සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ගොනු කර තිබූ මෙම පෙත්සම් වල වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයන් ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.