කොරෝනා වෛරසය රට පුර පැතිර යමින් තිබූ සමයේ දේහයන් ආදාහනය කිරීම සහ භූමිදානය කිරීම සම්බන්ධයෙන් ආණ්ඩු පාර්ශවය තුළින් කිසියම් වූ ව්‍යකුලත්වයක් රට තුල ඇති කළ බව නොරහසකි. මෙයට හේතුව වුයේ වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳව ලෝකය පුරා පර්යේෂකයන් කළ පර්යේෂණ වලින් පවා, ආදාහනය හෝ භූමිදානය කිරීම වෛරසය ව්‍යාප්ත වීමට හේතු කාරණාවක් නොවන බව ප්‍රකාශ කර තිබියදී, එම කාල වකවානුවේදී වත්මන් ආණ්ඩුව මුස්ලිම් ජනතාවගේ ආගමික කටයුතු වලට බාදා කරමින් සියලු දේහයන් ආදාහනය කිරීමට තීන්දු කර, උවමනාවෙන්ම රට තුළ ව්‍යකුලත්වයක් හා ආගම් අතර භේදයක් ඇතිකිරීමට කටයුතු කළේය.

කොරෝනා වසංගත සමයේදී මනුෂ්‍යත්වයට එරෙහිව අත්තනෝමතික ලෙස රට තුළ ව්‍යකුලත්වයක් ඇතිකිරීම පිටුපස සිටි අපරාධකරුවන් අද වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ එක කැබිනෙට් මණ්ඩලයේ අසුන් ගන්නා බව මුජිබර් රහ්මාන් මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටයේය.

මෙසේ තිබියදී අද වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම අපරාධකරුවන් ආරක්ෂා කිරීමට කටයුතු කරන ආකාරය පිළිබඳව මුජිබර් රහ්මාන් මහතා පාර්ලිමේන්තුව තුළ පැවසීය.

ඒ මහතා පෙන්වා දුන්නේ මෙවැනි අපරාධකාරී තීන්දුවක් ගත් පොහොටිටුව සුද්ද කිරීමට ජනාධිපතිවරයා කටයුතු නොකළ යුතු බවකි.