අද රටේ ආර්ථිකය විලංගු දමා ඇති බවත් ගජමිතුරු කොල්ලකරුවන්ගේ රජදහනක් බවට පත්ව ඇති බවත් සාමාන්‍ය ජනතාවට ආර්ථිකය ශක්තිමත් වීම තුළ ලැබිය යුතු සහන නොලැබී ඇති බවත් ජන ජීවිත කුඩා කර ආර්ථිකය කුඩා කර සංකෝචනය කර ජනතාවගේ ජන ජීවිත කුඩා කිරීම තුළ රටක් පාලනය කළ හැකි බවට අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ප්රමුඛ රජය විශ්වාස කරන බවත් මේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට වැදගත් වන්නේ ජනතාව නොව සුළුතරයක් වූ සුපිරි පොහොසතුන් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ ගජමිතුරු බඩගෝස්තරවාදී අන්ත දූෂිත අල්ලස කොමිස් මුදල මත කේන්ද්‍ර ගත වූ මේ දේශපාලන සංස්කෘතිය අතුගා දමා පොඩි මිනිසා රජකරවන යුගය අනිවාර්යෙන්ම බිහි කරන බවත් චෞර තන්ත්රවාදයට තිත තබා ප්රජාතන්ත්රවාදය ගොඩනගන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ 2024 ජනාධිපතිවරණය ජයග්රහණයෙන් විජයග්‍රහණය කරා ගෙන යාම අරමුණු කර ගෙන මාවනැල්ල නගරයේ පැවැති සමගි ජන බලවේගයේ විජයග්‍රහණයේ මහා ජන රැළිය අමතමිනි.
අප රටක් ලෙස 1948 නිදහස දිනා ගත්තේ සියලු ම ජාතීන් ආගම්වලට සම්බන්ධ නිදහස් සටනේ නායකයන් හා පුරෝගාමීන් එක්සිත්ව හා එක්සත්ව නිදහස් සටනට නායකත්වය දුන් නිසා වුවත් අද රටේ ක්‍රියාත්මක වන්නේ බෙදා වෙන් කළ පාලනයක් බවත්, ජාතීන්, ආගම්, පක්ෂ, කුල, ගෝත්‍ර, පන්ති ලෙස බෙදී ඇති බවත් මේ රට වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩ ඒමට නම් අපි එකතු විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මෙරට සතර දිග්භාගයම පළාත් 9 දිස්ත්‍රික් 25ම ප්‍රාලේ හා උපප්රාලේ බල ප්‍රදේශ 341ම ග්‍රාම සේවා වසම් 14021ම එකට එකතු කර ගත් දැවැන්තම පුළුල්තම දේශපාලන බලවේගය සමගි ජන බලවේගය බවත් ශ්‍රී ලාංකිකත්වය තුළින් සත්ජාතිකත්වය කේන්ද්‍ර කර ගෙන එකතු වී රට ගොඩගැනීමේ ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමට එක්ව ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.
රටක් ලෙස ඉදිරියට යා හැක්කේ අයි.එම්.එෆ්. එකත් සමඟ ජනතාවාදී ගිවිසුමක් ඇති කර ගැනීම හරහායි
අයි.එම්.එෆ්. ගිවිසුමක් නිසා අලුත් ජනවරමකින් බිහි වන ආණ්ඩුවට කිසිවක් කළ නොහැකි යැයි පවසන බවත් රටක් ලෙස ඉදිරියට යා හැක්කේ අයි.එම්.එෆ්. එකත් සමඟ ජනතාවාදී ජනහිතකාමී ගිවිසුමක් හරහා බවත් අයි.එම්.එෆ්. එක තමන්ගේ යෝජනා ලෙස නැවත ණය ගෙවීම 2033 ආරම්භ කරන ලෙස කිව්වත් මේ වැඩබැරි අනුප්‍රාප්තික ජනාධිපතිවරයාගේ ආණ්ඩුව එකඟ වී ඇත්තේ 2028 සිට ණය ගෙවීමට බවත් නිෂ්පාදන කර්මාන්ත විනාශ කළ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත විනාශ කළ ජනාධිපතිවරයා මෙවැනි අමනෝඥ තීන්දුවක් ගෙන ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
පොදුජන වරමක් තුළින් ජනතාවාදී ජනහිතකාමී රජයක් බිහි කරමු
අනුප්‍රාප්තික ජනාධිපතිවරයා මේ ණය ගෙවන්නේ ඔහුගෙ පුද්ගලික මුදලින් නොව ජනතාවගේ කැපකිරීමෙන් නිර්මාණය වන ආර්ථිකය වර්ධනයෙන් බවත් අයි.එම්.එෆ් නියෝජිතයන් හමු වූ අවස්ථාවේ සැප්තැම්බර් 21 නව පොදුජන වරමක් තුළින් ජනතාවාදී ජනහිතකාමී බිහිවන සමගි ජන බලවේග ආණ්ඩුව තුළ මේ ගිවිසුම මානුෂියවාදී ගිවිසුමකට ප්‍රවේශ වන බවට පැවසූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ව්‍යවසායකත්ව ක්ෂේත්රයේ වසන්තය උදා කරනවා
සමගි ජන බලවේගය ව්‍යවසායකත්ව ක්ෂේත්රයේ වසන්තය උදා කර මිලියනයක් නව ව්‍යවසායන් බිහි කරන බවත් ආර්ථිකය කුඩා කරනවා වෙනුවට ආර්ථිකය ප්‍රසාරණය කර නිෂ්පාදන කර්මාන්ත ශක්තිමත් කරන බවත් කර්මාන්ත ක්ෂේත්රය මෙන්ම අධ්‍යාපන ක්ෂේත්රයේ ද දියුණුවක් ඇති කර සුහුරු පාසල් බිහි කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
පරාටේ නීතිය තාවකාලිකව අහෝසි කළේ අපි
සමගි ජන බලවේගය පාර්ලිමේන්තුවේ හඬ නැගීම නිසා පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවන්න හැකියාවක් ලැබුණත් එම අත්හිටවූ කාලයේ එම ව්‍යවසායකයන්ට කාරක ප්රාග්ධනය ලබා දෙන්න රජයට නොහැකි වූ බවත් එම නිසා ව්‍යවසායකයන්ගේ ආර්ථිකය ශක්තිමත් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.