ආර්ථිකය ක්‍රියාත්මක වන විට උද්ධමනය අඩුවන විට පීඩනකාරි ක්‍රියා අවම වී ආර්ථිකය ශක්තිමත් වන බවත් මෙවැනි ආර්ථික වර්ධනයක් වේගයෙන් ක්‍රියාත්මක කළ යුතු බවත් එයට හේතුව අයිඑම්එෆ් එක 2033 සිට ණය ගෙවීම ප්‍රමාණවත් යැයි පැවසුවත් හිටපු රජය සහ ජනාධිපතිවරයා 2028 සිට එය ගෙවීමට පොරොන්දු වූ නිසා 2028 සිට ණය ගෙවිමට සිදුවන බවත් එවැනි අමනෝඥ තීන්දුවක් ගත් එවක රජය ආර්ථිකය කුඩා කිරීම සිදු කළ බවත් ඒ නිසා කර්මාන්තශාලා කඩා වැටීම, ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් පවා කඩා වැටුණු බවත් සමගි ජන බලවේගයේ හා සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකයන් වෙනුවෙන් ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජියත් ආදීන් සමඟ හමුවී ඔවුන්ගේ ගැටලු ඉදිරිපත් කර ආසියානු සංවර්ධන බැංකුව හරහා ඩොලර් මිලියන 100ක ප්‍රදානයක් ලබා ගැනීමට හැකි වූ බවත් කවරු මේ රට පාලනය කළත් රට ගොඩගන්නට නම් ජනතාව ගොඩ ඒමට නම් ආර්ථිකය වර්ධනය විය යුතු බවත් සමගි ජන බලවේගයේ හා සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සමගි ජන බලවේගයේ හා සමගි ජන සන්ධානයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද කැස්බෑවේ දී සමගි ජන බලවේග පක්ෂ ක්‍රියාකාරීන් සමග පැවැති හමුවකදීය.
මෙය එක එක අය සිදු කරාවි කියා අපේක්ෂා කළ නොහැකි බවත් සියලු දෙනා ම එකට එකතු වී ඒ වෙනුවෙන් කැපවිය යුතු බවත් රටක් ලෙස ගොඩනැගිය යුතු බවත් සමගි ජන බලවේගයේ ගමන වන්නේ ආර්ථික වර්ධනය බවත් සෑම වෙලාවේදී ම රටට මුල්තැන ලබා දෙන බවත් රටේ ජනතාවගේ ජනජීවිත ශක්තිමත් කරන ප්රගතිශීලී රාජ්‍ය පාලනයකට යොමුවිය යුතු බවත් ඒ තුළ ආර්ථිකය ශක්තිමත් කර ආර්ථිකය තුළ ඇති ආර්ථික ක්‍රියාවලි ජවසම්පන්න කර ආර්ථික වර්ධන වේගය ශීඝ්‍ර ලෙස ක්‍රියාත්මක වීමේ වැඩපිළිවෙළකට යොමුවිය යුතු බවත් හෙතෙම සඳහන් කළේය.
එසේ ම තව වසර 4කින් ණය ගෙවිය යුතු බැවින් මේ ගැන අවධානය යොමු කළ යුතු බවත් මේ ණය ගෙවීමේ විරාමය තුළ වාර්ෂිකව ගෙවිය යුතු ණය ගෙවීමට අප රට තුළ ප්‍රමාණවත් විදේශ විනිම සංචිත තිබිය යුතු බවත් ඒ සඳහා ඇති එක ම වැඩපිළිවෙළ වන්නේ ආර්ථික වර්ධනය, රැකියා බිහි කිරීම, සෘජු විදේශ ආයෝජන ශක්තිමත් කිරීම හා අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන කර්මාන්ත වැඩසටහනකට යොමුවීම බවත් සමගි ජන බලවේගයේ හා සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.