එළඹෙන ජනාධිපතිවරණයේ නියත පරාජය හමුවේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ පුද්ගලයින් සහ සමාජ මාධ්‍ය ජාලා විවිධ අසත්‍ය තොරතුරු ජනගත කිරීමට දරණ උත්සාහය පිළිබඳව රටේ ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
එම මාධ්‍ය නිවේදනය
අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හිමිපාණන් වහන්සේ වෙත ජනාධිපති නීතිඥවරයෙකු යොමු කළ ලිපියක් කාදිනල් හිමිපාණන්ගේ අදහස් ලෙස සමාජ මාධ්‍ය ජාලයට මුදා හැරීම එය සනාථ කරන්නකි.
එම ලිපිය තුළින් ආගමික සහජීවනය මෙන්ම ආගමික නායකයින් අතර ගැටුමක් ඇති කිරීමට දරා ඇති උත්සාහය මෙන්ම පාස්කු ඉරුදින ප්‍රහාර පිළිබඳව සමගි ජන බලවේගය දරණු ලබන ස්ථාවරයද විකෘති කිරීමට දරා ඇති උත්සාහය අපි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.
සමාජ මාධ්‍ය ජාලා තුළ එම ලිපිය කාදිනල් හිමිපාණන්ගේ ඡායාරූපයක්ද සහිතව පලකළ පුවත ව්‍යාජ පුවතක් බව අගරදගුරු පදවිය විසින් ප්‍රකාශ කොට තිබේ.
පසුගිය කාලසීමාව තුළ පාස්කු ප්‍රහාරය සහ එහි පැවැති කුමන්ත්‍රණය පිළිබඳව පාර්ලිමේන්තුව තුළන් ඉන් පිටතත් හඩ නැගුයේ සමගි ජන බලවේගයයි. පාර්ලිමේන්තුව තුළ ඒ පිළිබඳව විවාද තුනක් ලබාගෙන පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් දිගින් දිගටම කටයුතු කරනු ලැබුවේද සමගි ජන බලවේගයයි.
පාස්කු ප්‍රහාරය පිළිබඳව සියලු තොරතුරු ඒකරාශී කොට ඒවා අධ්‍යයනය කරමින් එකී තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේද සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායමයි.
එමෙන්ම පාස්කු ප්‍රහාරය පිළිබඳව ඉදිරියේදී ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව පැහැදිලි සැලැසුමක් එය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ වූ මාර්ග සිතියමක් අතී උතුම් කාදිනල් හිමිපාණන්ට සහ රදගරු මණ්ඩලයට මේ වනවිට සමගි ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කොට ඇත.
එමෙන්ම පාස්කු ඉරුදින ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉටු කිරීම සඳහා විදිමත් ලෙස බලය පවරන ලද පරීක්ෂණ සභාවක් මාස තුනක් ඇතුළත ක්‍රියාත්මක කොට එම කොමිසන් සභාවේ නිර්දේශ මත පාස්කු ඉරුදින ප්‍රහාරය සඳහා වගකිව යුතු අපරාධකරුවන්ට ත්‍රිපුද්ගල ස්ථීර මහධිකරණයක් මගින් දිනපතා නඩු විභාග කර දඩුවම් ලබාදීම රජයේ ප්රමුඛ වගකීමක් ලෙස සලකා කටයුතු කරන බව සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ ‘සැමට ජයක්‘ ප්‍රතිපත්ති ප්‍රකාශයේ යළිත් අවධාරණය කොට තිබේ.
පාස්කු ප්‍රහාරයෙන් පසුව කිසිදු අවස්ථාවක ඒ පිළිබඳව යුක්තිය ඉටු කර ගැනීමට සාධනීය මැදිහත්වීමක් නොකළ ජාතික ජනබලවේගය මේ මොහොතේ තමාට හිතවත් පාර්ශ්ව හරහා වැරදි මතවාද සමාජ ගත කරන්නට දරන උත්සාහයද අප තේරුම් ගත යුතුව තිබේ.
පාර්ලිමේන්තුව තුළ , ව්‍යවස්ථාදායක සභාව තුළ මෙන්ම අධිකරණ තුළ මෙන්ම පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ පුද්ගලයින්ට වගකීම් පැවරීමට එරෙහිව කටයුතු කළේ සමගි ජනබලවේගයයි.
මැතිවරණ ප්රචාරක ව්‍යාපාරයේ අවසන් මොහොතේ ජාතිවාදය , ආගම්වාදය , අවිශ්වාසය ජන සමාජය තුළ ඇතිකරන අයුරින් කරනු ලබන ප්‍රකාශ සහ එම පුද්ගලයින්ගේ චර්යාවන් ක්‍රියාකලාපය අප තරයේ හෙළා දකින්නෙමු.