ලෝක ළමා දිනය මෙන්ම වැඩිහිටි දිනය අදට යෙදී තිබේ. ළමුන් යනු රටක අනාගතය වන අතර වැඩිහිටියන් එම අනාගතය සැකසීමට මනා පිටිවහලක් වී ජීවිතයේ සැඳෑ සමය ගෙවන ගෞරවනීය පිරිසක් බවත් විශ්මයෙන් අයාගත් නෙතින් ද, ප්‍රහර්ෂණයෙන් විවර කරගත් මුවින් ද දරුවන් ලෝකයේ සෞන්දර්යත්වය සහ විචිත්‍රත්වය විඳීමට උත්සහ දරන අතර එම නිසා ඔවුන්ට ඒ සඳහා අවස්ථාව ලබාදීම සියලූ දෙනාගේ වගකීමක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටී.

අවාසනාවට ශ්‍රී ලංකාවේ හතර දිග් භාගයෙන් ම දිනපතා දකින්නට හා අසන්නට ලැබෙන්නේ, කුඩා දරුවන්ට ඉතාම අහිතකර, ශිෂ්ට මානව සමාජය තුළ සිදු නොවිය යුතු කරුණු කාරණ සම්බන්ධව බව එතුමා මෙම පනිවුදයේදී අවධාරණය කරමු ලබයි.

එක් අතකින් දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව බරපතළ සැකයක් මතුවී තිබෙන අතර, අනෙක් අතට දරුවන්ගේ පෝෂණය සම්බන්ධ බරපතළ තත්ත්වයක් අද වන විට නිර්මාණය වී තිබේ. පාසල් දරුවන් විශාල පිරිසක් නිරාහාරව සිටීමට සිදුවීම, ළමා මන්දපෝෂණය ඛේදවාචකයක් දක්වා ඉහල ගොස් තිබිම සහ ත්‍රිපෝෂ වැනි ළමා අතිරේක ආහාර ද්‍රව්‍ය දුර්ලභ වීම ඛේදවාචකයකි.

අධ්‍යාපනයේ දී පවා සම අවස්ථා දරුවන්ට ලැබී තිබේදැයි යන්න පිළිබඳව නැවත සිතා බැලිය යුතු යැයි මෙම පනිවුදයේදී පැවසූ විපක්ෂ නායක වරයා දරුවන්ගේ නැණ පහන් පුබුදුවාලන සක්වල වැඩසටහන යටතේ දැයේ දරුවන්ට පිරිනැමෙන 34වන සුහුරු පන්ති කාමරය අද (2023/10/01) ඇරැව්වල විද්‍යාලෝක මහා විද්‍යාලයේ දරුවන්ට පිරිනමන ලදි.

එපමනයක් නොව නොයෙකුත් දුක් කම්කටුලු මැදින් තම අධ්‍යාපන කටයුතු සිදුකරන දරුවන්ගේ ගමනාගමනය ශක්තිමත් කිරීම සදහා සක්වල වැඩසටහන යටතේ පිරිනැමෙන 80වන බස් රථය අද ලෝක ළමා දිනය නිමිත්තෙන් හෝමාගම සුභාරතී මහාමාත්‍ය විදුහලේ දරුවන්ට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අතින් පිරිනමන ලදි.


ලෝක ළමා දිනය හා වැඩිහිටි දිනය වෙනුවෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කල සුබ පණිවුඩය.

ලෝක ළමා දිනය

ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය ගෞරවයෙන් සමරමු!

 

உலக சிறுவர் தினத்தையும்

உலக சிறுவர் தினத்தையும், உலக முதியோர் தினத்தையும் கண்ணியத்துடன் கொண்டாடுவோம்!

 

 World Children's Day

Let’s celebrate World Children’s Day and World Elders Day with respect!