ජනමතකකින් තොර වත්මන් ආණ්ඩුව විසින් අත්තනෝමතිකව පසුගියදා පාර්ලිමේන්තුව තුල සම්මත කරගනු ලැබූ ඔන්ලයින් පනතට  ඔස්ට්‍රේලියානු තානාපති කාර්යාලය, කැනඩා තානාපති කාර්යාලය සහ බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරුන් ඇතුළු ජාත්‍යන්තර ආයතන සහ අමෙරිකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානය, ජිනීවා මානව හිමිකම් කොමිසම, හියුමන් රයිට්ස් වොච්, ආසියානු අන්තර්ජාල සන්ධානය සහ ජාත්‍යන්තර ක්ෂමා ආයතනය වැනි ආයතන රැසක් කණගාටුව පළකරමින් නිවේදන නිකුත් කර තිබේ.

මෙම නිවේදන නිකුත් කරමින් එම ආයතන සහ පුද්ගලයින් පෙන්වා දෙන්නේ  මෙම පනත සම්මත කරගැනීම තුලින් ශ්‍රී ලංකේය ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට විශාල බාධාවක් සිතුවන බවත් ආර්ථික වශයෙන් මේ වන විට අර්බුදකාරී තත්වයකට පත්ව තිබෙන ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයට මෙම පනත තුලින් තව තවත් අවාසි දායක තත්වයක් ඇතිවියහැකි බවයි.

මෙම නිවේදන මගින් ඔස්ට්‍රේලියාව, කැනඩාව සහ ඇන්ඩෲ පැට්‍රික් ඇතුළු විවිධ ජාත්‍යන්තර පාර්ශ්වකරුවන් ශ්‍රී ලංකාවේ ඔන්ලයින් ආරක්ෂණ පනත පිළිබඳව කනස්සල්ල පළ කර ඇති අතර, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ආරක්ෂා කරමින් සහ ආර්ථික වර්ධනයට සහාය වෙමින් අන්තර්ජාලය නියාමනය කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කර ඇත. පනත ක්‍රියාත්මක කිරීම නීත්‍යානුකූල ඩිජිටල් ක්‍රියාකාරකම් සීමා කරන්නේ නම් සහ නව්‍යකරණය අඩාල කරන්නේ නම්, ප්‍රජාතන්ත්‍රවාදී කතිකාවට සහ ආර්ථික ප්‍රකෘතියට සිදුවිය හැකි හානියට එරෙහිව ඔවුන් අනතුරු අඟවයි.