ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMR) සිදුවන සාධනීය ප්‍රගතිශීලී වෙනස්කම් වලින් නිවැරදි පිළිතුරු ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන නමුත් මෙහි ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කළ පුද්ගලයාගෙන් සිදුවූ අක්‍රමිකතා ගැන සැවොම දන්නා නමුත් එම පුද්ගලයා නැවතත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ MOH සේවයට ගොස් ඇති බවට වාර්තා වන බවත් විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය.

එවැනි අක්‍රමිකතා සිදු කළ අයකු එවැනි පත් කිරිමක් සිදුවූයේ කෙසේද කියා ගැටලු සහගත බවත් මෙවැනි දූෂිත පුද්ගලයකු රෝග නිවාරණ ක්ෂේත්‍රයට අදාළව යොමු කළේ කෙසේද කියා ගැටලු සහගත බවත් MOH සේවය යනු මාතෘ සහ ළමා සෞඛ්‍යට අදාළ ක්ෂේත්‍රයක් බැවින් ඔවුන්ට අසාධාරණයක් නොකරන ලෙසත් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සෞඛ්‍ය අමාත්‍යාවරයාගෙන් ඉල්ලා සිටියේය.