නව රජයක් පිහිටුවීමෙන් පසු ප්‍රතිපත්තිමය සාකච්ඡා සඳහා සූදානම් වීමට සැලසුම් කර ඇති පරිදි ශ්‍රී ලංකාව සමග ආරම්භ කළ තාක්ෂණික මට්ටමේ සාකච්ඡා අඛණ්ඩව සිදු කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

ඒ අනුව මැයි 9 වන දා ඇරඹුණු එම සාකච්ඡා බව මැයි 23 වන දා දක්වා පැවැත්වීමට නියමිතයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී මසහිරෝ නොසාකි ප්‍රකාශයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබෙනවා.

එමෙන්ම මෙරට නැගී එන ප්‍රචණ්ඩත්වය ගැන තමා කනස්සල්ලට පත්ව සිටින නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්තිවලට අනුකූලව ශ්‍රී ලංකාවට සහාය වීමට කැපවී සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.